Divaina - දරුවා හා බිරිඳ බේරා ගැනීමට ගිය පියා යකඩ යකාට බිලි... මල්ලී කෝච්චි පාරේ ඉන්නවා යෑයි දරුවෙක්‌ කෑ ගැසුවා....

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


traon333
 
 බිරිඳ හඬමින් කියයි
 
 ත්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි
 
 ක්‍රීඩා කරමින් සිටි සිය දරුවා හදිසියේ දුම්රිය මාර්ගයට දිව යද්දී ධාවනය වන දුම්රියෙන් දරුවා බේරා ගැනීමට උත්සාහ දැරූ පියෙකු දුම්රියේ ගැටි 8 දා පස්‌වරුවේ එම ස්‌ථානයේදීම මියගිය බව ත්‍රිකුණාමලය මූලස්‌ථාන පොලිසිය කියයි.
 
 මෙසේ මියගොස්‌ ඇත්තේ ත්‍රිකුණාමලය දුම්රිය පටුමගේ පදිංචි යොහාන් ජෝසප් නැමැති විසි නව හැවිරිදි එක්‌ දරු පියෙකි. දින 12 ක දුම්රිය වර්ජනයෙන් පසු ත්‍රිකුණාමල මාර්ගයේ ධාවනය වූ පළමු දුම්රියට වැදීමෙන් මෙම අවාසනාවන්ත මරණය සිදු වී ඇතැයි දුම්රිය බලධාරීන් කියයි.
 
 කුඩා දරුවා දුම්රිය මාර්ගයේ සිටියදී එම දරුවා බේරා ගැනීමට මව දිව ගොස්‌ ඇති අතර සිය බිරිඳ හා දරුවා බේරා ගැනීමට ගිය සැමියා දුම්රිය මාර්ගයේ පය පැටළී වැටීමෙන් දුම්රියට යට වී ඇතැයි පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධව හැඬූ කඳුළින් අදහස්‌ දැක්‌ වූ මියගිය අයගේ බිරිඳ වන ඒ. එච්. නිසංසලා මහත්මිය කෝච්චි පාරේ මල්ලී ඉන්නවා කියලා දරුවෙක්‌ ඇවිත් කෑ ගහලා කිව්වා. ඒ එක්‌කම කෝච්චියක්‌ එන හෝන් සද්දෙත් ඇහුණා. මම රේල් පාරට දිව්වා. දරුවා රේල් පාරේ වාඩිවෙලා හිටියා. මේ වෙලාවේ කෝච්චියක්‌ එන්නෙ නැහැ. මම දරුවා අරගෙන රේල් පාරෙන් එහාට පැන්නා.
 
 මගේ පස්‌සෙන් දුවගෙන ආව මහත්තයා ඒක දැක්‌කෙ නැහැ. එයා හිතුවේ නැහැ මට දරුවා බේර ගන්න පුළුවන් වෙයි කියලා. එයා හිතුවේ අපි කෝච්චියට අහුවුණා කියලා එයාත් ඒ එක්‌කම පැන්නා එයා දන්නෙ නැහැ. අපි දෙන්නා ජීවතුන් අතර ඉන්නවා කියලා යෑයි පැවැසුවාය.


 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles