Divaina - ශ‍්‍රීලනිප - පොහොට්ටු අවබෝධතා ගිවිසුමට අත්සන් තබති

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 gvisuma444
 ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය - ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය පළකිරීම සඳහාවූ අවබෝධතා ගිවිසුමට එම පක්‍ෂ දෙකෙහි මහ ලේකම්වරුන් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රි දයාසිරි ජයසේකර සහ නීතිඥ සාගර කාරියවසම් යන මහත්වරුන් අත්සන් කිරීමෙන් අනතුරුව එය හුවමාරු කරගත් අයුරු.
 
 අනුර බාලසූරිය සහ අරුණ බෝගහවත්ත
 
 ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය දීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමකට ඊයේ (10 දා* අත්සන් තබන ලදී.
 
 
 ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා සහ පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූහ.
 
 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතාගේ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා පක්‍ෂ දෙකෙහිම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සහ ආසන සංවිධායකවරුන්ගේ සහභාගිත්වයෙන් ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ පෙරවරු 10.45 ට පැවැති සුබ මොහොතින් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.
 
 මෙම අවබෝධතා ගිවිසුමට අනුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇති කරගන්නා එක් පෙරමුණක් හරහා ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් සහ පක්‍ෂ දෙකම ආරක්‍ෂා වන අයුරින් කටයුතු කිරීමට දෙපාර්ශවය විසින් එකඟතාවට පැමිණ ඇත.
 
 මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා නිිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා ඇතුළු මන්ත‍්‍රීවරු රැුසක් සහභාගි වූහ.


 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles