Divaina - ඇල්පිටිය ප‍්‍රා.සභා ඡන්දය අද
965x87 01 new
Divaina Wimal
deshait1

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 රනිල් ධර්මසේන, ඇල්පිටිය - විදානආරච්චි කීර්තිරත්න, වැලිපිටිය දිවිතුර - උපුල් මහේෂ්
 
 ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡුන්ද විමසීම අද (11 දා* පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා මධ්‍යස්ථාන 47 කදී පැවැත්වෙයි.
 
 ඡුන්ද මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරීන් හතර දෙනකු බැගින් ආරක්‍ෂාවට යොදවා ඇති අතර පොලිස් නිලධාරීන් 800 කට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රදේශය ආවරණය වන පරිදි යෙදවේ.
 
 ශ‍්‍රී ලංකාවේ පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ මැතිවරණයට තර`ග කරන අතර ඉන් ඉදිරිපත්වූ අපේක්‍ෂකයන් 155 දෙනෙකු අතුරින් මන්ත‍්‍රීවරුන් 28 දෙනකු තෝරා පත්කරනු ලබති.
 
 මෙම මන්ත‍්‍රීවරුන් 28 දෙනාගෙන් 17 දෙනකු කොට්ඨාස මට්ටමින්ද 11 දෙනකු සමානුපාතිකවද තෝරා පත්කර ගනු ලබයි.
 
 ඡුන්ද ප‍්‍රකාශ කිරීම පස්වරු 4.00 ට අවසන් වීමෙන් පසුව ඡුන්ද ගණන් කිරීමද එම මධ්‍යස්ථාන තුළදීම ආරම්භ කරන බව ගාල්ල තේරීම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය. ඡුන්ද මධ්‍යස්ථාන 47 හි ප‍්‍රතිඵල ඇල්පිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති ඡුන්ද මෙහෙයුම් මධ්‍යස්ථානයට ගෙන්වා මුලින්ම කොට්ඨාස 17 හි ප‍්‍රතිඵල වෙන් වෙන්ව ගණන් කිරීමත් ඉන්පසුව සමස්ත ප‍්‍රතිඵලය හා දිනා ගත් සමානුපාතික මන්ත‍්‍රීධුර ප‍්‍රමාණ සකස් කිරීමත්, ප‍්‍රකාශ කිරීමත් සිදුවන බවද හෙතෙම කීය.
 
 අනතුරුව ප‍්‍රතිඵල කොළඹ මැතිවරණ කොමිසම මගින් යළි අධීක්‍ෂණය කර ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය. රාත‍්‍රි දහය පමණ වනවිට ප‍්‍රතිඵල නිකුත් කිරීමට හැකි වනු ඇති බවද තේරීම්භාර නිලධාරිවරයා සඳහන් කළේය.
 
 මෙවර ඡුන්ද ප‍්‍රකාශ කිරීමට ඡුන්ද දායකයන් 53384 දෙනකු සුදුසුකම් ලබා ඇත.
 
 ඇල්පිටිය, පිනිකහන, කුඩාගල, තලාව, කැටන්දොල, අවිත්තාව, වල්ලබගල, බටුවන්හේන, මැටිවිලිය, අමුගොඩ, ඕමත්ත, අම්බන, කහදුව, නවදගල, පිටුවල, ඉඳිපලේගොඩ සහ තිබ්බොටුවාව යන කොට්ඨාස 17 වෙනුවෙන් ඡුන්ද විමසීම සිදුකරනු ලබයි.
 
 ඡුන්ද පෙට්ටි හා අදාළ ලිපිද්‍රව්‍ය ඡුන්ද මධ්‍යස්ථාන කරා ගෙන යෑම ඊයේ පෙරවරුවේ ඇල්පිටිය විශේෂ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේදී සිදුවිය. ඡුන්ද මධ්‍යස්ථානවල පෙරහුරු වැඩසටහන් ද දහවල් සිදු කරනු ලැබීය.
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles