Divaina - පාස්කු දා ප‍්‍රහාරයෙන් බිඳ වැටුණු සංචාරක කර්මාන්තයට පොරොන්දු වූ සහන තාමත් නැහැ- කෝප් කමිටුවට පැමිණිල්ලක්

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 අකිත පෙරේරා
 
 පාස්කු දා ප‍්‍රහාරයෙන් බිඳ වැටුණු සංචාරක කර්මාන්තයට රජය ලබා දෙන බවට පොරොන්දු වූ සහන මෙතෙක් ලබාදී නැතැයි පවසමින් සංචාරක වෘත්තිකයෝ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට කෝප් කමිටුවට පැමිණිල්ලක් භාරදී ඇත.
 
 සංචාරක වෘත්තිකයන් වෙනුවෙන් මෙම පැමිණිල්ල කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා වෙත භාරදී ඇත්තේ ජාතික සංචාරක වෘත්තිකයන්ගේ සංගමය විසිනි.
 
 දැනට සංචාරක ක්ෂේත‍්‍රයේ ඇති ගැටලූ මෙන්ම සංචාරක ව්‍යාපාරයේ අනාගතය වෙනුවෙන් යෝජනාවලියක් ද මෙම සංගමය විසින් කෝප් කමිටුවට භාරදී ඇත.
 
 කෝප් කමිටුවේ කටයුතු මාධ්‍ය වෙත නිරාවරණය කළ පසු ඊට මහජන යෝජනා ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය වේ.
 
 සංචාරක වෘත්තිකයන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලේ ප‍්‍රධාන වශයෙන් සඳහන් වන්නේ පාස්කු ප‍්‍රහාරයෙන් පසු බිඳ වැටුණු සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට රජය ලබා දෙන බවට පොරොන්දු වූ සහන කිසිවක් මෙතෙක් ලබාදී නැති බවයි.

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles