Divaina - සා.පෙළ සිසුන්ට ජාතික හැඳුනුම්පත් තවමත් පමා නම් මේ අංකයට කතා කරන්න

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

Id1- පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක

මේ මස අගදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රායෝගික පරීක්‍ෂණවලට පෙනී සිටින ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා ඉල්ලූම්පත‍්‍ර යොමුකර ඇති සිසුන්ට තවමත් ජාතික හැඳුනුම්පත් ලැබී නොමැති නම් ඒ සිසුන්ට ඒ ගැන 0115226115 දුරකථන අංකයෙන් විමසන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා දැනුම්දී සිටී.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අනෙකුත් සිසුන්ට විභාගයට කල්වේලා ඇතිව තම ජාතික හැඳුනුම්පත් ලියාපදිංචි තැපෑලෙන් නිවසට ලැබෙනු ඇතැයිද ඒ මහතා පවසයි.

සෑම වසරකම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාළ චක‍්‍ර ලේඛ උපදෙස් ජනවාරි මාසයේම සාමාන්‍ය පෙළ විභාගයට පන්ති පැවැත්වෙන පාසල්වල විදුහල්පතිවරුන්ට යවන අතර ඒවා මාර්තු 31 දිනට පෙර, ලබාදී ඇති උපදෙස් පරිදි නිවැරදිව ඉල්ලූම්පත‍්‍ර එවන ලෙස දැනුම්දී ඇත.

නමුත් එසේ එවන ඉල්ලූම්පත‍්‍රවල අඩුපාඩු සහිත බැවින් ඒවා නැවත අදාළ විදුහල්පතිවරුන්ට යවයි. එම අඩුපාඩු සම්පූර්ණ කර නැවත දෙපාර්තමේන්තුවට ගෙන්වා ගැනීමට සිදුවන බවද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

සුසිල් ජයකොඩි

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles