Divaina - දිනාගත් නිදහස ශක්තිමත් කිරීමට පියවර ගන්නවා - ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස සිවිල් සංවිධාන හමුවේ කියයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 5678දිනාගත් නිදහස පාවා දෙන්නේ නැතිව එය ශක්තිමත් කරන්නට තමා ජනාධිපති ධුරයට පත්වූ පසු පියවර ගන්නා බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණින් ජනාධිපතිවරණයට තරග කරන එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය.
 
 ඒ මහතා මේ බැව් පැවසුවේ කොළඹ නවනගර ශාලාවේදී ඊයේ (9 වැනිදා* සවස පැවැති ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සුරකින අලූත් ශී‍්‍ර ලංකාවක් තේමාව යටතේ සිවිල් සංවිධාන සංගම් විසින් සංවිධානය කර තිබූ උත්සවයට සහභාගී වෙමිනි.
 
 අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද සහභාගි වූ මෙම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
 
 මාධ්‍යවේදීන්ට, සිවිල් සංවිධානවලට වර්තමානයේ මේ රටේ බලවතුන් දේශපාලනඥයන් තමාට හිතු හිතූ ආකාරයට පදනම් විරහිතවත් පදනම් රහිතවත් පදනම් සහිතවත් විවේචනය කිරීමේ අයිතිය තිබෙනවා. ඇත්ත කතා කරන්න ගිහින් උපාලි තෙන්නකෝන්, ලසන්ත වික‍්‍රමතුංග, කීත් නොයාර්, පෝද්දල ජයන්ත, එක්නැලිගොඩ වැනි මාධ්‍යවේදීන්ට සිදුවූ දේ අපට අමතක කරන්න බැහැ.
 
 අපි අහන්න කැමතියි මේ රටේ ජනතාවගෙන් ජනාධිපතිවරණයේදී ඒ වැදගත් තීන්දුව ගැනීමේදී මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගව අමතක කරනවාද? ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුරදේවතාවුන් වන මාධ්‍ය ක්‍ෂේත‍්‍රයට එල්ල කළ මරණීය තර්ජන ගැන අමානුෂික ප‍්‍රහාර ගැන අමතක කරන්න එපා. එවන් යුගයක් නිර්මාණය කිරීම අපට අවශ්‍ය නැහැ.
 
 අපි තවදුරටත් මානව සම්පත ශක්තිමත් කළ යුතුයි. තොරතුරු දැන ගැනීමේ පනත අද ශක්තිමත් කර තිබෙනවා. අඩුපාඩුකම් ඇතිවා නොවෙයි. ජනාධිපතිවරණයේ වරම ඉල්ලන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීකරණයේ ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රයේ ඉදිරි ගමන යන්නයි.
 
 එම ඉදිරි ගමන යාමේදී රටේ ජාතික අවශ්‍යතාවය මුල්තැන් කරගෙනයි මේ ගමන යන්නේ. එක්තරා පවුලකට එක්තරා කොටසක එක්තරා පවුල් කණ්ඩායමක අනන්‍යතා සුරැුකෙන ගමනක් නෙවෙයි යන්නේ.
 
 මුළු මහත් දේශයේම පවුල් ලක්‍ෂ 60 කට ආසන්න පුරවැසියන් ලක්‍ෂ 200 ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැුකීමටයි කටයුතු කරන්නේ.
 
 අපි අපේ කි‍්‍රයා කලාපයන් තුළින් ඔප්පු කර තිබෙනවා අපිව විවේචනය කරන කොට ඒ අදාළ මාධ්‍යවේදීන් කැරකොප්පුවේ හෝ කනත්තේ හෝ නතර වෙන්නේ නැති බවට.
 
 අප හිතන්නට ඕනෑ දිනා ගත්තු නිදහස පාවා දෙන්න නොව එය ශක්තිමත් කරන්නට කටයුතු කිරීමයි. බලය තමන් සතු කර ගැනීම නොව එය ජනසතු කිරීම සඳහා පරාර්ථකාමී විය යුතුයි.
 
 ජනතාව ආඥා දායකත්වයේ ඒකාධිපතිවාදයේ ගෙල සිර කර දමනු වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මානව සම්පත් නිදහසට ඉඩ සලසාදිය යුතුයි.
 
 මේ රටේ ජනතාවගේ සිවිල් දේශපාලන මානව අයිතිවාසිකම් පොදු ජනතාවගේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති සන්ධාන සිදුකරන කටයුතුවලට මගේ ප‍්‍රණාමය පුදකර සිටිනවා.
 
 අපි සියලූ දෙනාම එක්ව අලූත් රටක් සෞභාග්‍ය සම්පන්න රටක් බිහි කළ යුතුයි. සැම දෙනාටම ආර්ථික සංවර්ධනය හිමිවන සෞභාග්‍යයේ අරුණළු උස් පහත් භේදයකින් තොරව සියලූ දෙනාට හිමිවන සමාජයක් ගොඩනැඟිය යුතුයි.
 
 අප සියලූ දෙනාට පරමාදර්ශී දේශපාලනයක් කැපවීම් කරන දේශපාලනයක් උදාකර දීමට පියවර ගත යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන රාමුවක් තුළ මේ රටේ ජනතාවට සේවය කරන්න අප කැපවිය යුතුයි.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles