Divaina - ජනපතිවරණය අවසන් වන තෙක් ජනපති ශ‍්‍රීලනිප සභාපති ධුරයෙන් ඉවත් වෙයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

- වැඩබලන ශ‍්‍රීලනිප සභාපති ලෙස මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පත්කරයි

ජනාධිපතිවරණය අවසන් වන තෙක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරයෙන් ඉවත් වී ස්වාධීනව සිටීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇත.

පෙරේදා (8 දා) රාත‍්‍රි ජනාධිපති නිල නිවසේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම සමග පැවැති දීර්ඝ සාකච්ඡුාවකින් අනතුරුව ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බව ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

ඒ අනුව ජනාධිපතිවරණය අවසන් වන තෙක් පක්‍ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පත්කළ බව මහ ලේකම්වරයා ඊයේ (9 දා) පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.

ජනාධිපතිවරණය ඉතා යහපත් ලෙස පවත්වා ගෙන යෑම සඳහාත්, නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයා ලෙසත් කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙසත්, ජනාධිපතිවරයා කටයුතු කිරීම නිසා මෙසේ ස්වාධීනව සිටීමටත් එසේ ස්වාධීන වුවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලබා දෙන සහයෝගයට ජනාධිපතිවරයාගේ පූර්ණ ආශිර්වාදය හා සහයෝගය ලැබෙන බවත් මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles