Divaina - රෝහිත බෝගොල්ලාගමගේ සහාය සජිත්ට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

හිටපු විදේශ කටයුතු ඇමැති සහ හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රෝහිත බෝගොල්ලාගම මහතා මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා වෙත සහාය දක්වන බව ඊයේ (09 දා) ප‍්‍රකාශ කළේය.

වොක්ෂෝල් වීදියේ පිහිටි සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

නියෝජ්‍ය විදේශ කටයුතු ඇමැතිවරයෙකු ද වූ නියෝමාල් පෙරේරා මහතාද මෙම මාධ්‍ය හමුවට සහභාගි වී සිටි අතර එහිදී රෝහිත බෝගොල්ලාගම මහතා මෙසේද කීය.

මම සාමාන්‍යයෙන් දේශපාලනය තුළ අධ්‍යයනයක් කරලා ඒ තුළ ලැබෙන ප‍්‍රතිඵල තුළයි තීරණ ගන්නේ. විදේශ ඇමැති ලෙස තීරණ ගත්තෙත් මේ තක්සේරුව මතයි. ඒ අනුව අපට හොඳ තීරණ රැුසක් ගන්න පුළුවන් වුණා.

එදා මා විදේශ කටයුතු අමැතිවරයා ලෙස කටයුතු කරනවිට ත‍්‍රස්තවාදය මැඞීමේ ව්‍යායාමයේදී සරත් ෆොන්සේකා වැනි රණවිරුවන් සුවිශේෂී මෙහෙවරක් රට තුළ ඉෂ්ට කරන කොට ජාත්‍යන්තරය තුළ පැන නැගුණු නොයෙකුත් ප‍්‍රශ්නවලදී ඒවාට මුහුණදීමට අභියෝගය පැවරුනේ විදේශ ඇමැති ලෙස මා හටයි.

ඒ නිසා එදා රාජපක්‍ෂ රජය තුළ ඒ වගකීම ඉටු කිරීම තුළ එහි වාසිය සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාවට ලැබුණා.

2010 වනතුරුම එම වාසිය මට ලබාදීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා. අද අපිට නව නායකයකු සමග කටයුතු කිරීමට හැකිවී තිබෙනවා.

මම නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන කොට මට තේරුණා අපි යුද්ධය අවසන් කළත් ජනතාව තුළ පවතින යුද්ධය අවසන් වෙලා නෑ. ජනතාවගේ දුගී දුප්පත්කම තුරන් වෙලා නෑ. ඒ අය අලූත් මාවතක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ සඳහා විසඳුම් ලබාදිය හැකි නායකයෙකු ලෙසයි සජිත් පේ‍්‍රමදාස මහතා අප හඳුන්වන්නේ. ඒ නිසාමයි මා මෙවැනි තීරණයක් ගත්තේ.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය සියලූම ජනකොටස්වල ජයග‍්‍රහණයක් බවට පත් වේවි. ඒ නිසා අපි පූර්ණ ලෙසම කැපවී ඒ ජයග‍්‍රහණය වර්ධනය කරන්න දායකත්වය ලබා දෙනවා.

ජනාධිපතිවරණය ජයග‍්‍රාහී ලෙස මෙහෙයවීමට සුවිශේෂී ජන ශක්තියක් මේ වනවිටත් සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබී තිබෙනවා. විශේෂයෙන්ම නැගෙනහිර ගත්තොත් අපි කරන ලද පර්යේෂණවලදී එය තහවුරු වෙලා තිබෙනවා. ඔහු සුවිශේෂී ජයග‍්‍රහණයක් ලබන බව මා පැහැදිලිවම ප‍්‍රකාශ කරනවා.

මා මීට පෙර ජනාධිපතිවරණවලදීත් මෙවැනි ආකාරයට ප‍්‍රකාශ කිරීම තුළ ඒ සියල්ල සත්‍ය වුණා. ඒ අනුව මෙවරත් මා කියන්නේ මෙම ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා සුවිශේෂී ජයග‍්‍රහණයක් ලබනවා. ඒ සුබ පණිවුඩය මා අද ලබා දෙනවා.

අකිත පෙරේරා
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles