Divaina - පාස්කු දා ප‍්‍රහාරය සොයන්න ජනපතිගෙන් පංච පුද්ගල කමිටුවක්

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 4- නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමේ බලයත් පවරයි
 
 - පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් පංච පුද්ගල කොමිසමක් පත් කර ඇත.
 
 මෙම කොමිසමේ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා පත්කර ඇත.
 
 එම පංච පුද්ගල කොමිසමට අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර සහ විශ‍්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්. එම්. එම්. අධිකාරි යන මහත්වරු ඇතුළත් වෙති.
 
 මෙම කොමිසමේ පළමු අතුරු වාර්තාව මාස තුනක් ඇතුළත ඉදිරිපත් කළ යුතු අතර මාස හයක් ඇතුළත අවසන් වාර්තාව ඉදිරිපත් කළ යුතු බව මෙම කොමිසම පිළිිබඳ නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් වේ.
 
 මීට අදාළව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමේ බලයද මෙම කොමිසමට පවරා ඇත.
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles