Divaina - රනිල් - සජිත් තීරාණාත්මක සාකච්ඡාව අද

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 6එක්සත් ජාතික පක්‍ෂය ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධව තීන්දු කෙරෙන තීරාණාත්මක සාකච්ඡුාවක් අද (23 දා* පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ හා නියෝජ්‍ය නායක ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා අතර පැවැත්වීමට නියමිතව ඇත.

එම දෙදෙනා අතර ඊයේ (22 වැනිදා) දිනයේදීද අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡුාවක් පවත්වා තිබේ. එහිදී ඉදිරි ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය සහ සිවිල් සංවිධානවල සහාය ලබාගන්නා ආකාරය පිළිබඳවද සාකච්ඡුා වී ඇත.

ඊට අමතරව විධායක ජනාධිපති ධුරය මෙන්ම 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියේදී සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීම ගැනද අවධානය යොමුවී තිබේ.

එක්සත් ජාතික පක්‍ෂයේ නොවන පාර්ශ්ව සහ පිරිසගේ ඡුන්දය ලබාගැනීම කෙරෙහිද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා වී තිබේ.

කෙසේ වෙතත්, එජාප අපේක්‍ෂකයා තෝරා ගැනීමේ කටයුත්ත අර්බුදයක් නොවන ආකාරයටත් පක්‍ෂයේ සමගිය ආරක්‍ෂා වන පරිදිත් පැවැත්වීමට මෙහිදී සාකච්ඡුා වී තිබේ. ඒ අනුව එජාප අපේක්‍ෂකයා තේරීමේ කටයුත්ත ඉතා සාමකාමීව ඉදිරි දින කීපය තුළ සිදුවෙනු ඇතැයි එජාප ආරංචි මාර්ග කියා සිටී.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලූම පක්‍ෂ නායකයන් හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතර ඊයේ (22 දා* සවස 7.00 ට විශේෂ සාකච්ඡුාවක් පවත්වා ජනාධිපතිවරණ අපේක්‍ෂකයා සම්බන්ධව සහ ජනාධිපතිවරණය ඇතුළු දේශපාලන කරුණු රැුසක් සම්බන්ධයෙන් සාකච්ඡුා වී තිබේ.

අකිත පෙරේරා
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles