Divaina - මා ජනාධිපති අපේක්‌ෂකත්වය ඉල්ලුවේ නැහැ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 අකිත පෙරේරා
 
 karusdඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමන්ට පාර්ශ්ව ගණනාවකින් ඉල්ලීම් ලැබුණ ද තමන් අපේක්‌ෂකත්වය ඉල්ලා ලිත ඉල්ලීමක්‌ කර නැතැයි කථානායක කරු ජයසූරිය මහතා කියා සිටී.
 
 විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් හෙතෙම මේ බව කියා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර ඇත.
 
 කථානායක කරු ජයසූරිය ජනපති අපේක්‌ෂකත්වය ලබා දෙන ලෙස ලිත ඉල්ලීමක්‌ කර ඇති බවට 20 දා ප්‍රධාන ජාතික පුවත්පතක පළව ඇති පුවත නිවැරදි නොවන බව පෙන්වා දෙමි.
 
 ජනපතිවරණයට ඉදිරිපත් වන ලෙස මට පාර්ශ්ව ගණනාවකින් ලැබුණු ඉල්ලීම් පිළිබඳව ප්‍රතිචාර දක්‌වමින් පසුගිය 17 දා ප්‍රවෘත්ති නිවේදනයක්‌ නිකුත් කරන ලදී.
 
 එමගින් ප්‍රතිපත්තිමය කරුණු කිහිපයක්‌ දක්‌වා ඇති නමුත් එය ජනපති අපේක්‌ෂකත්වය ඉල්ලුම් කර නිකුත් කළ නිවේදනයක්‌ නොවන බව ද සිහිපත් කරමි.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles