Divaina - විශේෂ කැබිනට්‌ රැස්‌වීම කැඳවූයේ ජනපති
965x87 01 new
Divaina Wimal
deshait1

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

rana134bnවිධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව කැබිනට්‌ මණ්‌ඩලය තුළ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් 19 වැනිදා විශේෂ කැබිනට්‌ රැස්‌වීමක්‌ කැඳවූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එක්‌සත් ජාතික පක්‍ෂය තුළ මේ පිළිබඳව සාකච්ඡා කර නොතිබූ නිසා කැබිනට්‌ මණ්‌ඩලය තුළ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට තමා ද ඊට එකඟතාවය පළ කළ බවද අගමැතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා කැබිනට්‌ මණ්‌ඩලය කැඳවීමට පෙර තමා අමාත්‍ය මණ්‌ඩලය කැඳවා ඒ පිළිබඳව සාකච්ඡා කළ ද විවිධ අදහස්‌ මතුවූ නිසා එකඟතාවයක්‌ පිළිබඳව සඳහන් කළ නොහැකි බව ජනාධිපතිවරයාට දැනුම් දුන් බවද අගමැතිවරයා පැවසීය.

මේ පිළිබඳව තීරණයකට පැමිණිය යුත්තේ එක්‌ එක්‌ පක්‍ෂ බවත් කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ සහයෝගය නොමැතිව ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සම්මත කරගත නොහැකි බව තමා ප්‍රකාශ කළ බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස්‌ පැවසුවේ පෙරේදා (20 වැනිදා) පස්‌යාල කල්එළිය දන්සැල්වත්ත දොන් ස්‌ටීවන් විද්‍යාලයට මුල්ගල තැබීමේ අවස්‌ථාවට එක්‌වෙමිනි.


 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles