Divaina - සංඥා බිඳ වැටී දුම්රිය අවුල් වෙයි මරදානේදී මගීහු නොසන්සුන් වෙති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

සුජීව තත්සර

train555
 
 කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය සංඥා පද්ධතියේ සිදුවූ බිඳ වැටීමක්‌ හේතුවෙන් ඊයේ (20 දා) පෙරවරුවේ දුම්රිය මගීහු දැඩි අපහසුතාවට පත්වූහ.
 
 සංඥා බිඳවැටීම හේතුවෙන් ඊයේ පෙරවරුවේ සියලුම කාර්යාල හා මගී දුම්රිය ප්‍රමාද වූ අතර නොසන්සුන් වූ දුම්රිය මගීන් මරදාන දුම්රිය ස්‌ථානයේදී විරෝධතාව පළ කිරීම නිසා දුම්රිය ස්‌ථානාධිපති කාර්යාලය අසල ගැටුම්කාරී තත්ත්වයක්‌ ද ඇතිවිය.
 
 වැටුප් විෂමතා ගැටලු කිහිපයක්‌ මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අතරතුරදී සිදුවූ මේ සිදුවීම කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළත් දුම්රිය මගීහු එම චෝදනාව ප්‍රතික්‌ෂේප කර සිටියහ.
 
 ඊයේ (20 දා) පැය පහක පමණ කාලයක්‌ පැවති දුම්රිය සංඥා පද්ධතියේ සිදුවූ අදාළ බිඳ වැටීම දුම්රිය සංඥා පද්ධතියට කිසියම් පිරිසක්‌ විසින් සිදු කළ හානියක්‌ නිසාවෙන් සිදුවූවක්‌ බවට සැක කළ හැකි නිසා එA පිළිබඳව විශේෂ විමර්ශනයක්‌ සිදුකරන බවත් අදාළ බිඳවැටීම යථා තත්ත්වයට පත්කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත් ඊයේ දහවල් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු 'දිවයිනට' පැවසීය.
 
 පිටත ප්‍රදේශවල සිට කොළඹ කොටුව දක්‌වා පැමිණෙන දුම්රිය නියමිත වේලාවට ගමන් ආරම්භ කර තිබුණ ද මගී සහ කාර්යාල දුම්රිය රැසක්‌ ධාවනය වන අවස්‌ථාවක්‌ බැවින් මරදාන දෙසට පැමිණීමට නොහැකිව ඇතැම් දුම්රිය මරදාන දුම්රිය ස්‌ථානයට එපිටින් නතර කිරීමට සිදුව තිබිණි.
 
 ඒ හේතුවෙන් ද මගීහු දැඩි අපහසුතාවට පත්ව සිටියහ. හුණුපිටිය දුම්රිය ස්‌ථානය අසල ද දුම්රිය 5 ක්‌ නතර කර තිබූ අතර මගීන්ට ඉන් බැස දුම්රිය මාර්ගයේ පයින් ගමන් ගැනීමට ද සිදුවිය.
 
 මේ අතර දුම්රිය ප්‍රමාදවීම් හේතුවෙන් ප්‍රදේශ බොහෝමයක මගීන් අපහසුතාවට පත්ව තිබුණි.
 
 කෙසේ වෙතත් මේ හේතුවෙන් දුම්රිය ශේ්‍රණි විෂමතා ගැටලු කිහිපයක්‌ මුල්කරගනිමින් පෙරේදා (19 දා) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක්‌ ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ද නිසි ආකාරව ක්‍රියාත්මක කිරීමට ද නොහැකි වූ බව වෘත්තීය සමිති පැවසූහ.
 
 දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා පවසා සිටියේ දුම්රිය ප්‍රමාදය සිදුව ඇත්තේ දුම්රිය අකුරට වැඩ හේතුවෙන් නොවන බවත් එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ සංඥා බිඳ වැටීම බවයි.
 
 මේ අතර කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියේ ඇතිවූ බව පැවසෙන කාර්මික දෝෂයක්‌ හේතුවෙන් පැය 6 ක්‌ ප්‍රමාද වීම නිසා එහි ගමන්ගත් මගීන් අපහසුතාවට පත්විය.
 
 බණ්‌ඩාරවෙල බිදුණුවැව ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සම්මුඛ පරීක්‌ෂණයක්‌ සඳහා පෙනී සිටීමට අදාළ දුම්රියෙන් ගමන් කරමින් සිටි පිරිසක්‌ ද එම දුම්රියේ ගමන් ගනිමින් සිටි නිසා ඔවුන් දැඩි අපහසුතාවට පත්විය.
 
 ඊයේ සවස ද නිවෙස්‌වලට යැමට කොටුව දුම්රිය ස්‌ථානයට සහ මරදාන දුම්රිය ස්‌ථානයට පැමිණි මගීහු දුම්රිය නොමැති නිසා නොසන්සුන් ලෙස හැසිරුණහ.
 
 ප්‍රවේශපත්‍ර කවුළු වසා තැබීම නිසා මෙසේ මගීහු නොසන්සුන් වූහ.

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles