Divaina - යාපනය හින්දු විදුහලේ විදුහල්පති අල්ලස්‌ දැලේ

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 හේමන්ත රන්දුණු
 
 හත්වන ශ්‍රේණියට දරුවකු ඇතුළු කරගැනීම සඳහා යාපනය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්‍ෂයක අල්ලස්‌ මුදලක්‌ ලබා ගත් බව කියන යාපනය හින්දු විද්‍යාලයේ විදුහල්පතිවරයා අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් ඊයේ (20 වැනිදා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.
 
 සැකකාර විදුහල්පතිවරයා මෙම ව්‍යාපාරිකයාගේ දරුවා පාසලට ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් ලක්‍ෂයක මුදලක්‌ ඉල්ලා ඇති අතර එම මුදලින් රුපියල් පනස්‌ දහසක මුදලක්‌ කලින් ලබාගෙන තිබිණි.
 
 එම අල්ලස්‌ මුදලේ ඉතිරි කොටස හින්දු විද්‍යාලයේ කාර්යාලය තුළදී ඊයේ දහවල් 12.30 ට පමණ ලබාගනිද්දී එහි ගොස්‌ සිටි අල්ලස්‌ කොමිසමේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.
 
 සැකකාර විදුහල්පතිවරයා යාපනය අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles