Divaina - සෞදි අරමුදලෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සෞදි රියාල් මිලියන 187.5ක්‌

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
 සබරගමු විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයක්‌ ස්‌ථාපනය කිරීම සඳහා සහනදායී කොන්දේසි යටතේ සෞදි රියාල් මිලියන 187.5 (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක්‌ ලබා දීමට සෞදි අරමුදල සිය එකඟතාවය ලබාදී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.
 
 අදාළ ගිවිසුම පෙරේදා ( 18 ) මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් කරන ලදි. ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්‌.සමරතුංග මහතා අත්සන් කළ අතර සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල වෙනුවෙන් එහි නියෝජ්‍ය සභාපති හා කළමනාකාර අධ්‍යක්‌ෂ කලීඩ් සුලෙයිමන් අල්කුඩෙයිරි මහතා අත්සන් කරන ලදී.
 
 සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක්‌ ස්‌ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් අනුමැතිය ලබාදී ඇති අතර, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2017 අයවැය මඟින් වෙන් කර ඇත. එසේම, වෛද්‍ය පීඨය සඳහා ඇතුළත් කර ගන්නා පළමු කණ්‌ඩායම මේ වනවිට ද ලියාපදිංචි කර ඇත.
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles