Divaina - ඩියුටි ෆී‍්‍ර වාහන ලක්‍ෂ දෙකේ දීමනාවට කැබිනට් අනුමැතිය නෑ... ජනපති යෝජනාව ප‍්‍රතික්‍ෂේප කරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1




අකිත පෙරේරා

janasහිටපු පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත‍්‍ර ලබා දීම සහ ආණ්ඩුවේ අධීක්‍ෂණ මන්ත‍්‍රීවරුන්ට රුපියල් ලක්‍ෂ දෙක බැගින් දීමනාවක් ලබා දීම යන යෝජනා දෙකට ඊයේ (10 දා* පැවැති කැබිනට් රැුස්වීමේදී අනුමැතිය ලැබී නැත.

මේ යෝජනා දෙකම පළාත් සභා හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.

ඇමරිකානු ඩොලර් 35000 ක උපරිමයකට යටත්ව පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට වාහන ගෙන්වීම සඳහා තීරුබදු රහිත බලපත‍්‍ර ලබා දෙන ලෙස ඉල්ලා තිබූ යෝජනාවට අනුමැතිය ලබා දෙන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ඇමැතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියද ජනාධිපතිවරයා ඊට අනුමැතිය ලබා දීම ප‍්‍රතික්‍ෂේප කර ඇත.

මෙම යෝජනාව පළමුවරට කැබිනට් මණ්ඩලයට පසුගිය 03 වැනිදා ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විරුද්ධ වී තිබිණි.

මීට අමතරව ආණ්ඩුව නියෝජනය කරන අධීක්‍ෂණ මන්ත‍්‍රීවරුන්ට මාසිකව රුපියල් ලක්‍ෂ දෙකක් ලබාදීමට ගෙනා යෝජනාවද පසුවට කල් දැමූ බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ‘දිවයින’ට පැවසීය.


අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles