Divaina - සමාගම් පරණ මිලටම පිටි මිල බස්සයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1


 
 සුජීව තත්සර
 
 ප‍්‍රීමා තිරිඟු පිටි මිල වහාම ක‍්‍රියාත්මක වන පරිදි පැවති මිල ගණන් යටතේම නිකුත් කිරීමට පිටි සංගම් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
 
 ජීවන වියදම් කමිටුව ඇමැතිවරයා අතර සහ ඊයේ (10දා* පැවති සාකච්ඡුාවේදී මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.
 
 පසුගිය සැප්තැම්බර් මස 6 වැනිදා තිරිඟු පිටි කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 5 යි ශත 50 කින් ඉහළ දමන බව ප‍්‍රීමා සමාගමේ පාලනාධිකාරිය විසින් දිවයිනේ සියලූම අලෙවි නියෝජිතයින්ට දැනුම් දී තිබුණි.
 
 කෙසේ වෙතත් ඊයේ ජීවන වියදම් කමිටුව හමුවට සියලූම පිටි සමාගම් සාමාජිකයින් සහභාගි වූ බව සඳහන් කළ අමාත්‍යාංශය එහිදී පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අදාළ සමාගම්වලට සති 3ක කාලයක් ලබා දී ඇතැයි ද සඳහන් කරයි.
 
 ඒ අනුව වහාම ක‍්‍රියාත්මක වන පරිදි පෙර පැවති මිල ගණන් වන පිටි කිලෝවක සිල්ලර මිල රුපියල් සියයක් ලෙස සංශෝධනය වනු ඇත.
 

 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles