Divaina - පාස්කු දා ත‍්‍රස්ත ප‍්‍රහාරය කාගේ වුවමනාවටද? ...ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්න කළත් පිළිතුරක් ලැබී නැහැ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


  pasku
 
පාස්කු දින බෝම්බ ප‍්‍රහාරයට හේතුව කුමක්ද? කාගේ වුවමනාවටද විනාශය කළේ කියා තමන් ප‍්‍රසිද්ධියේම ප‍්‍රශ්න කළත්් ඒ ප‍්‍රශ්නවලට තවමත් පිළිතුරු ලැබී නොමැති බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් පැවසූහ.
 
 එම ප‍්‍රශ්නවලට පිළිතුරු ලැබේවි කියා නූතන ඉතිහාසය බැලූ විට සිතන්නට බැරි බවද ඊයේ (25 දා) පෙරවරුවේ රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානයේ පැවැති ඉරිදා දේව මෙහෙය අමතමින් උන්වහන්සේ පැවසූහ.
 
 මේ ප‍්‍රශ්නය තමන් අත නොහරින බවත් මේ වෙනුවෙන් ඉදිරියේදීම කතා කර එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමන් සූදානම් බවත් අගරදගුරු හිමියෝ සඳහන් කළහ.
 
 මේ ප‍්‍රහාරය නිසාම තමන් වහන්සේ කඳුළු සලන අවස්ථා තිබෙන බවද යම් හෙයකින් අපගේ නීතිරීති නිසාත් එෙඬ්රික නොවන ගතිගුණ නිසාත් ඔබගේ විශ්වාසයට කැළලක් වූයේ නම් සියලූ දෙනා වෙනුවෙන් අගරදගුරු පදවියේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද උන්වහන්සේ කීහ.
 
 මේ දිනවල ලංකාවට පැමිණ සිටින ඉතාලියේ රදගුරු මණ්ඩලයේ සභාපති හිමියන් කටුවාපිටිය දේවස්ථානයට හා මියගිය අය වළදමා ඇති ස්ථානට තමන් සමග ගිය බවත්, එහිදී මියගිය සියලූ දෙනා ප‍්‍රාණ පරිත්‍යාගවරුන් බවත් ඒ සියලූ දෙනා ශාන්තුවරුන් ලෙස ප‍්‍රකාශයට පත් කරන ලෙස ලබන 03 වැනිදා පාප් වහන්සේ මුණගැසුණු විට ඉල්ලා සිටින බවත් එම සභාපති හිමියෝ ප‍්‍රකාශ කළ බවද කාදිනල් හිමිපාණන් පැවසූහ.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles