Divaina - ශ‍්‍රීධරන්ගේ සොහොයුරාගේ ඉඩමේ පුපුරන ද්‍රව්‍ය සෙව්වේ පලෙයි දොස්තරගේ ඔත්තුවකට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 


 
 දිනසේන රතුගමගේ
 
දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මහතාගේ සොහොයුරාට අයත් ඉඩමක කැණීම් කරමින් පුපුරන ද්‍රව්‍ය සොයන ලද්දේ ත‍්‍රස්ත මර්දන ඒකකය භාරයේ සිටින පලෙයිහිදී අත්අඩංගුවට ගත් එස්. ශිවරූබන් නමැති වෛද්‍යවරයාගෙන් ලැබුණු තොරතුරක් මත බව කිලිනොච්චියේ ආරක්ෂක නිලධාරියෙක් ඊයේ (25 දා) පැවසීය.
 
 ශ‍්‍රීධරන් මන්ත‍්‍රීවරයාට හා ඔහුගේ සොහොයුරාට අයත් ඉඩම් හා නිවාස කීපයක්ම කිළිනොච්චියේ වට්ටකච්චි ප‍්‍රදේශයේ ඇති අතර, එල්.ටී.ටී.ඊ.සංවිධානයට අයත්ව තිබූ පුපුරන ද්‍රව්‍ය විශාල තොගයක් වළලා ඇත්තේ ඒ එක් ඉඩමක බවට අත්අඩංගුවේ සිටින වෛද්‍යවරයාගෙන් ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබේ.
 
 කොළඹ ත‍්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් පැමිණ යාපනයේ අලියාවලෙයි ප‍්‍රදේශයේ මුහුදේ සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා නිලධාරීන්ගේද සහාය ඇතිව සොයා ගන්නා ලද්දේද පලෙයි රෝහලේ වෛද්‍යවරයාගෙන් ලද තොරතුරක් මත බවට අනාවරණය වී තිබේ.
 
 මෙම වෛද්‍යවරයා එල්.ටී.ටී.ඊ.සංවිධානය ක‍්‍රියාත්මක වූ කාලයේ පුපුරන ද්‍රව්‍ය සඟවා තැබීමට හා ප‍්‍රවාහනයට බෙහෙවින් උදව් කළ අයකු බවටද තොරතුරු අනාවරණය වී තිබේ. යුද ගැටුම් පැවති පළාත් වලට පුපුරන ද්‍රව්‍ය ප‍්‍රවාහනය කොට ඇත්තේ ඔහුට අයත් වාහන වලින් බවද පැවසේ.
 
 යුද්ධයේ අවසන් කාලයේදී මේ වෛද්‍යවරයාගේ අනුදැනුම මත පුපුරන ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් තිබී ඇති අතර එල්.ටී.ටී.ඊ.සාමාජිකයන් මුලතිව් දෙසට පසු බසින සමයේ ඒවා කිළිනොච්චියේ සුරක්ෂිත කොට ඇත්තේද මේ වෛද්‍යවරයා විසින් බව කියයි.
 
 කිලිනොච්චිය දිස්ත‍්‍රික් දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් ශ‍්‍රීධරන් මහතාට සහ ඔහුගේ සහෝදරයන්ට අයත් ඉඩම්වල පුපුරන ද්‍රව්‍ය වළලා ඇති බවට වෛද්‍යවරයාගෙන් තොරතුරු ලැබීමත් සමගම ආරක්ෂක අංශ අධිකරණ නියෝගයක් ලබා ගෙන කැණීම් කරන ලද නමුත් පළමු කැණීමේදී සැකකටයුතු කිසිවක් හමු වී නොමැත.
 
 කිළිනොච්චියේ ආරක්ෂක අංශ ප‍්‍රධානියා කියා සිටියේ අත්අඩංගුවේ සිටින වෛද්‍යවරයාගෙන් ලැබී ඇති තොරතුරුවලට අනුව පුපුරන ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් කිළිනොච්චියේ ඉඩමක ඇති නිසා විධිමත් පරීක්ෂණයකින් පසුව යළිත් කැණීම් සිදු කිරීමට පියවර ගන්නා බවයි.
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles