Divaina - සාධාරණ සමාජයක් සහාය විධායක ජනපති ධුරය අහෝසි කරන අපේක්‍ෂකයකුට - මහාචාර්ය සරත් විජේසූරිය

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 චමින්ද සිල්වා
 
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට එක`ග වන ජනාධිපති අපේක්‍ෂකයකුට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සහයෝගය ලබා දෙන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ‘දිවයින’ට ඊයේ (25 දා) පැවසීය.
 
 මේ වන විටත් ශ‍්‍රී ලාංකීය දේශපාලනයේ නව බලාපොරොත්තු ගොඩනැංවිය හැකි දේශපාලන නායකත්වයක් තෝරා පත්කර ගැනීම සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය, පුරවැසි බලය, වමේ කේන්ද්‍රය ඇතුළු පුරවැසි ව්‍යාපාර විසින් 2019 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට බලාපොරොත්තු වන අය වෙත ‘යහපාලනයේ ඉදිරි මග’ නමැති න්‍යායපත‍්‍රය එළිදක්වා තිබෙන බවද හෙතෙම කීය.
 
 එම න්‍යායපත‍්‍රය මේ වන විට කථානායක කරු ජයසූරිය, දයාසිරි ජයසේකර, කුමාර වෙල්ගම යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයන් රැසකට ලබාදී තිබෙන බවද ඔහු කීය.
 
 2015 වසරේදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර ගැනීම සඳහා අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ මූලිකත්වයෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කළත් එහිදී ඇතිවූ එක`ගතාව පළුදු වූ බව ඔහු පැවසීය. එය මේ රටේ දේශපාලනඥයන්ගේ වැරදි පූර්වාදර්ශයක් නැවත පෙන්වා දීමක් බවද ඒ මහතා කීය.
 
 කෙසේ වෙතත් සිවිල් සංවිධාන විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කර ගැනීමට දැරූ උත්සාහය අනුව යම් යම් විධායක බලතල අඩුකර ගැනීමට හැකියාව ලැබුණු බවද විජේසූරිය මහතා කීය.
 
 වර්තමානය වන විට ඩඞ්ලි සේනානායක, ලලිත් ඇතුලත්මුදලි වැනි නායකයන් නොමැති බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඉදිරිපත් කර තිබෙන ‘යහපාලනයේ ඉදිරි මග’ න්‍යාය පත‍්‍රය සමග එක`ගතාවකට එළඹෙන ඕනෑම පුද්ගලයකුට සහාය පළකිරීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles