Divaina - අපට ඕනෑ සමගිවෙලා එජාපය පරාද කරන්නයි - නිමල් සිරිපාල ද සිල්වා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 
 බොරලන්ද - සමන් කුමාර
 
අපිට අවශ්‍ය සමගි වෙලා කොහොම හරි එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා පරාජය කරන්න යැයි හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.
 
 ඒ මහතා මේ කරුණු අනාවරණය කළේ ඌව පරණගම පැවැති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. එහිදී හිටපු අමාත්‍යවරයා මෙසේද ප‍්‍රකාශ කළේය.
 
 පොහොට්ටුව හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකතු වීමට දැනටමත් මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡුා කරලා තියෙනවා. ඒ අනුව ඉදිරි සාකච්ඡුා පැවැත්වීමත් අපි එතුමාට බාර දීලා තියෙනවා. ඒ සඳහා කණ්ඩායමකුත් පත් කරලා තියෙනවා. ඒ නිසා අපි ධනාත්මකව කල්පනා කරනවා. ඒ එකතුවීම සිද්ධවෙයි කියලා.
 
 මාධ්‍ය හැම වෙලාවෙම හරි වාර්තා නෙමෙයිනේ පළ කරන්නේ. මාධ්‍ය යම් යම් දේවල් උපකල්පනය කරනවා. යන අය ගියාවේ. අපි ඉන්නවා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එක්ක. අපිට ඕනි සමගි වෙලා කොහොම හරි එජාප අපේක්‍ෂකයා පරාජය කරන්න. පළාත් සභා මැතිවරණය ඉස්සෙල්ලාම ආවොත් අපි ඒ වෙලාවට බලමු’’

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles