Divaina - යුද අපරාධ චෝදනා ඇති අයකු හමුදාපති කර අතුරුදන් වූවන්ගේ කාර්යාලයක් යාපනයේ පිහිටුවීම දෙමළ ජාතියේ අභාග්‍යයක් - විග්නේෂ්වරන් කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 
 vig


 දිනසේන රතුගමගේ
 
යුද අපරාධවලට සම්බන්ධ බවට චෝදනා ඇති පුද්ගලයකු රටේ හමුදාපති ධුරයට පත්කර යුද සමයේදී අතුරුදහන්වූවන් පිළිබඳව සෙවීමේ කාර්යාලයක් යාපනයේ පිහිටුවීම දෙමළ ජාතියේ අභාග්‍යයක් ලෙස මා දකිනවා යැයි උතුරු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා 24 වැනිදා යාපනය නල්ලූර් ප‍්‍රදේශයේදී පැවසීය.
 
 විග්නේෂ්වරන් මහතාගේ ටී.එම්.කේ.පක්ෂයේ ක‍්‍රියාකාරීන් පිරිසක් සමග පැවැති හමුවකදී මේ බව කියා සිටි හිටපු ප‍්‍රධාන ඇමැතිවරයා මේ සෑම ක‍්‍රියාවකින්ම රජය දෙමළ ජනතාවට දක්වන සැලකිල්ල ඉතා හොඳින් පෙනී යන්නේයැයි ද පැවසීය.
 
 ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපතිවරයා වශයෙන් පත් කිරීම පිළිබඳව ඇමරිකාව පවා විරුද්ධ වී සිටිද්දී ඔහුම පත්කිරීම තුළින් රජය අත්තනෝමතිකව කටයුතු කරන බව ඉතා හොඳින් පෙනෙන්නට ඇතැයි ද විග්නේෂ්වරන් මහතා සඳහන් කළේය.
 
 ජිනීවා මානව හිමිකම් මණ්ඩලය මගින් ඔහු යුද අපරාධකරුවකු කොට තිබෙද්දී ඔහු හමුදාපතිවරයා ලෙස පත්කරමින් රජය ජාත්‍යන්තරයේ සම්බන්ධකම්වලින් ගිලිහුණු තත්ත්වයකට පත්ව ඇතැයි ද විග්නේෂ්වරන් මහතා පැවසීය.
 
 මේ අන්දමට කටයුතු කරන රජයකින් දෙමළ ජනතාවට කිසිම සහනයක් නොලැබෙන නිසා දෙමළ ජනතාව ද මෙවැනි රජයකට ඡුන්දයකදී සහය දැක්වීමේ කිසිම අවශ්‍යතාවයක් නැති බව ද විග්නේෂ්වරන් මහතා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.
 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles