Divaina - ජනාධිපතිවරණයේදී ඡන්දය දීමට ගෝඨාට බාධාවක් නෑ.... මැතිවරණ කොමිසම කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


  රනිල් ධර්මසේන
 
gotauu135 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනපතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.
 
 මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ 2018 ඡන්ද හිමි නාම ලේඛනය යටතේ බව ද  රාජපක්ෂ මහතා එම ලේඛනයේ ලියාපදිංචි වී ඇති බව ද හෙතෙම කීය.
 
 එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය ලබා තිබූ කාලය පුරාම ද ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයකු ලෙස ලියාපදිංචි වී ඇති බව එම නිලධාරියා තවදුරටත් පැවසීය.
 
 මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද ප්‍රකාශ කළ නොහැකි බවට පවතින ප්‍රකාශ සම්බන්ධයෙන් කළ විමසීමකදී මැතිවරණ කොමිසම මේ අදහස් සඳහන් කළේය.
 

 

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles