Divaina - මස්සැන්නේ විජිත හිමි පැහැරගෙන යාමට පැමිණි පිරිස ගැන පොලිසිය සොයයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 පියදාස රණසිංහ
 
අතුරුගිරිය - පෝරේ ගල්පොත්ත මාවතේ පිහිටි ශ‍්‍රී ධම්මවිජිතාශ‍්‍රම විහාරස්ථානයේ විහාරාධිකාරී විචිත‍්‍ර ධර්ම කථික පූජ්‍ය මස්සැන්නේ විජිත හිමියන් පැහැර ගෙන යෑමට පැමිණි බව කියන හතර දෙනෙකුගෙන් සමන්විත නාඳුනන පුද්ගලයන් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලිසිය පරීක්‍ෂණ පවත්වා ගෙන යයි. උන්වහන්සේ බොදු බලසේනා සංවිධානයේ ප‍්‍රබල සාමාජික හිමිනමකි.
 
 එම සැක කටයුතු කණ්ඩායම වෑන් රියකින් පසුගිය සෙනසුරාදා (10 දා) දහවල් විහාර භූමියට පැමිණ ඇති අතර විහාරස්ථානය තුළට ගොස් විජිත හිමියන් හමුවී හෝමාගම රජයේ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවන අසාධ්‍ය රෝගියෙකුට සුවය ලබාදීමට ආශිර්වාද පතා පිරිත් නූලක් බැඳ ගැනීමට අවශ්‍ය බව පවසමින් උන්වහන්සේව රෝහලට කැඳවාගෙන යාමට පැමිණි බව පවසා ඇත.
 
 විජිත හිමියන් ඔවුන් සමග රෝහලට යාමට සුදානම් වූ මොහොතේ නාඳුනන පුද්ගලයින් හතර දෙනෙකු විහාරස්ථානය අසල පිහිටි වෙළෙඳ සැලකට පැමිණ ඡුායාරූපයක් පෙන්වා උන්වහන්සේ පිළිබඳ තොරතුරු විමසා ගිය බවට වෙනත් හිමිනමක් විසින් දුරකථන පණිවිඩයක් ලබා දී තිබේ.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles