Divaina - ෂාෆි පිළිබඳ පරීක්‍ෂණවලදී කුරුණෑගල රෝහල් අධ්‍යක්‍ෂට නි. අධ්‍යක්‍ෂට බලපෑම් කළොත් වෛද්‍ය සංගමය සටනට

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 
 චමින්ද සිල්වා
 
  saafiisවෛද්‍ය ෂාපි ෂෙහාබ්දීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී කුරුණෑගල රෝහල් අධ්‍යක්‍ෂවරයාට සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයාට එරෙහිව නීත්‍යානුකූල නොවන අයුරින් කටයුතු කරනු ලැබුවහොත් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ රජයේ වෛi සංගම් ශාඛාව ගන්නා ඕනෑම ක‍්‍රියාමාර්ගයකට රජයේ වෛද්‍ය නිලධාරී සංගමයද එක්වන බව එම සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා ඊයේ (13 දා* පැවසීය.
 
 
 කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ සරත් වීරබණ්ඩාර සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ චන්දන කඳන්ගමුව යන මහත්වරුන් තමන්ගේ රැුකියාවලට අදාළව නිශ්චිත අයුරින් කටයුතු කරමින් සිටියදී අනවශ්‍ය බලපෑම් කරන ඕනෑම පාර්ශ්වයක් සම්බන්ධයෙන් එම රෝහලේ ශාඛා කමිටුව අවධානයෙන් සිට රජයේ වෛi නිලධාරී සංගමයේ ප‍්‍රධාන කාර්යාලය දැනුවත් කරන බවද නවීන් ද සොයිසා මහතා ඊයේ රජයේ වෛi සංගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
 
 වැඩිදුරටත් ඒ මහතා මෙසේද කීය.
 
 කුරුණෑගල රෝහලේ වෛi ෂාෆි ෂෙහාබ්දීන් මවුවරුන්ට වඳ සැත්කම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. එම පරීක්‍ෂණ අපක්‍ෂපාතීව, දේශපාලන මැදිහත්වීමකින් තොරව සිදුකරනවා නම් ඒ සඳහා සහාය ලබාදෙනවා. සෞඛ්‍ය ඇමැතිවරයාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන පරීක්‍ෂණය අපක්‍ෂපාතීව සිදුනොවන බව අපට පෙනී ගොස් තිබෙනවා.
 
 මේ විමර්ශන සිදුකරන නිලධාරීන්ද ඒවා අපක්‍ෂපාතීව සිදුනොකරන බව අපට පෙනෙනවා. අපි කියන්නේ මේ පරීක්‍ෂණයට මේ සිද්ධිය හරි හෝ වැරදි කියන පාර්ශ්ව දෙකේම පිරිස් සම්බන්ධ කර නොගතයුතු බවයි.
 
 ඒ වගේම මවුවරුන් වඳ භාවයට පත්කර ඇතිද යන්න සොයා ගැනීමට කොළඹ වෛi පීඨය මගින් පරීක්‍ෂණයක් කිරීමට යන බව ආරංචියි.
 
 මේ පරීක්‍ෂණය කිරීමට පෙර කුරුණෑගල රෝහලේ ෂාෆි වෛiවරයා කොපමණ සිසේරියන් සැත්කම් කර තිබනවාද එම රෝහලේ අනෙක් වෛiවරුන් කොපමණ සිසේරියස් සැත්කම් ප‍්‍රමාණයක් කර තිබෙනවාද? වෙනත් රෝහල්වල වෛද්‍යවරුන් කොපමණ සිසේරියන් සැත්කම් කර තිබෙනවාද යන්න පිළිබඳව සන්සන්දනයක් මුලින්ම කළ යුතුයි.
 
 එහිදී ෂාෆි වෛiවරයා වැඩිපුර සිසේරියන් සැත්කම් කර තිබෙනවාද එම සැත්කම්වලින් පසු මව්වරුන් වඳ භාවයට පත්වෙලා තිබෙනවාද? එසේ පත්වූ මව්වරුන් වඳ භාවයට පත්ව තිබෙන්නේ තාක්‍ෂණික ගැටලූ නිසාද එසේ නැත්නම් හිතාමතා වඳ භාවයට පත්කර තිබේද යන්නත් සලකා බැලිය යුතුයි.

 


sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles