Divaina - ජනපතිගේ තීන්දුව සලකා බලා මගේ තීරණය කියන්නම්-කුමාර වෙල්ගම

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

 

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව ජනාධිපතිවරයා ගන්නා තීන්දුව සලකා බලා තම තීරණය ප‍්‍රකාශ කරන බව කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතා විශේෂ ප‍්‍රකාශයක් කරමින් ‘දිවයින’ට පැවසීය.

එහිදී වෙල්ගම මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා වුණා විතරයි. ඒ වගේම සජිත් පේ‍්‍රමදාස මහතාත් ජනාධිපති අපේක්ෂකයකු වෙයි. ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණත් අපේක්ෂකයකු දමාවි.

ඉතින් බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. මේ ගැන මගේ ස්ථාවරය කියන්න තව දවස් කිහිපයක් යයි. මොකද මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා ගන්න තීරණය මොකක්ද කියලා බලන්න ඕනෑ.

මෛතී‍්‍රපාල ජනාධිපතිතුමා හරි තීරණයක් ගත්තොත් මම ඒ තීරණයත් එක්ක ඉන්නවා. එතුමා වැරදි තීරණයක් ගත්තොත් මම එතැන ඉන්නේ නෑ. මට හරියන තීන්දුව ගත්තොත් මම එතුමා සමග ඉන්නවා. එතුමා මට වඩා ජ්‍යෙෂ්ඨයෙක්නේ. ඒනිසා ඒ තීරණය බලලා මම මගේ තීරණය කියන්නම්.

අකිත පෙරේරා

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles