Divaina - නුවරඑළිය බ්ලැක්‌ පූල් ක`දවුරේදී අවි පුහුණුව ලැබූ සහරාන්ගේ ගෝලයෙක්‌ මහරගමින් අල්ලයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 හේමන්ත රන්දුණු

saharana135ජාතික තව්හිද් ජමාද් ත්‍රස්‌ත සංවිධානයේ නායකයාව සිටි මොහොමඩ් සහරාන් යටතේ අවි ආයුධ පුහුණුව ලැබූ බව කියන එම සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකය සහ නාවික හමුදා බුද්ධි අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී ඊයේ (12 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. මොහොමඩ් තාජුඩීන් අෂීබ් අහමඩ් නමැති 20 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම ප්‍රදේශයේ සැඟවී සිටියදීය.

මෙම සැකකරු මොහොමඩ් සහරාන් යටතේ නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි බ්ලැක්‌ පූල් ත්‍රස්‌තවාදී පුහුණු කඳවුරකදී අවි ආයුධ පුහුණුව ලබා ඇති අතර ත්‍රස්‌තවාදී දේශනවලට ද දීර්ඝ කාලීනව සහභාගි වූ පුද්ගලයකු බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවේ පසුවන ජාතික තව්හිද් ජමාද් සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ලැබුණ තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස්‌ ආරංචි මාර්ග පැවසීය.

සැකකරු ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles