Divaina - තේරීම් කාරක සභාවේදී ජාතික ආරක්‍ෂාව සම්බන්ධ කරුණු මාධ්‍යයෙන් වසන් කරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

අකිත පෙරේරා
 
 පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන කරුණු විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී රටේ ජාතික ආරක්ෂාවට අදාළ කරුණු ප‍්‍රකාශ වෙද්දී ඒ අවස්ථා මාධ්‍යයට විවෘත නොකිරීමට එකඟතාවක් ඇති කර ගෙන තිබේ.
 
 ඉහත එකඟතාව ඇති කර ගෙන ඇත්තේ කාරක සභාවේ වැඩබලන සභාපති ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා ප‍්‍රමුඛ එහි සාමාජිකයන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.
 
 පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වී ඇති හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා පැමිණ සාක්කි දෙන තෙක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව රජයේ ස්ථාවරය වී තිබේ.
 
 රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව තවමත් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ පවතින බැවින් කාරක සභාව අනිවාර්යයෙන්ම පැවතිය යුතු බව රජයේ ස්ථාවරය වී ඇත. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවන්හි සම්පූර්ණ බලය කථානායකවරයාට බැඳී ඇති බැවින් එහි සාමාජිකයන් සියලූ දෙනා ඊයේ (12) කථානායක කරු ජයසූරිය මහතා හමුවී තිබේ.

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles