Divaina - කංජිපානි ඉම්රාන් 26 දා යළි උසාවියේ නිරීක්‍ෂණයට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ප‍්‍රබල පාතාල කල්ලි නායකයකු වන මොහොමඞ් අහම්මද් නජීම් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නමැත්තා ලබන 26 වැනිදා අධිකරණයේ නිරීක්‍ෂණය සඳහා යළි ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා මහත්මිය ඊයේ (12 දා* කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළාය.

ප‍්‍රබල පාතාල කල්ලි නායකයකු වන මාකඳුරේ මධුෂ් නමැත්තා සමඟ රැුඳී සිටියදී පසුගිය පෙබරවාරි 5 වැනිදා ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ශ‍්‍රී ලංකාවට පිටුවහල් කළ එම සැකකරු ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ලබාගත් දින 90 ක රැුඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කරන බව විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පෙන්වා දුන්හ. කංජිපානි ඉම්රාන් නමැත්තාට එරෙහිව මිනිස් ඝාතන, මිනිස් ඝාතන සඳහා කුමන්ත‍්‍රණය හා ආධාර අනුබලදීම ඇතුළු චෝදනා රාශියක් ඉදිරිපත් වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශනය සිදුකරන බව විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පෙන්වා දුන්හ.

කංජිපානි ඉම්රාන් නමැත්තාගේ සමීප සගයන් දෙදෙනකු වන ඩුබායි රාජ්‍යයේ සිට පිටුවහල් කළ සෙසු සැකකරුවන් දෙදෙනා ද අධිකරණයේ නිරීක්‍ෂණය සඳහා අධිකරණයට ඉදිරිපත් කොට තිබූ අතර, ඔවුන් දෙදෙනා ලබන ජුලි 7 වැනිදා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී නියෝග කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles