Divaina - තේරීම් කාරක සභාවේදී ජාතික ආරක්‍ෂාව සම්බන්ධ කරුණු මාධ්‍යයෙන් වසන් කරයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන කරුණු විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී රටේ ජාතික ආරක්ෂාවට අදාළ කරුණු ප‍්‍රකාශ වෙද්දී ඒ අවස්ථා මාධ්‍යයට විවෘත නොකිරීමට එකඟතාවක් ඇති කර ගෙන තිබේ.

ඉහත එකඟතාව ඇති කර ගෙන ඇත්තේ කාරක සභාවේ වැඩබලන සභාපති ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා ප‍්‍රමුඛ එහි සාමාජිකයන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡුා කිරීමෙන් අනතුරුවය.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වී ඇති හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා පැමිණ සාක්කි දෙන තෙක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව රජයේ ස්ථාවරය වී තිබේ.

රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව තවමත් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ පවතින බැවින් කාරක සභාව අනිවාර්යයෙන්ම පැවතිය යුතු බව රජයේ ස්ථාවරය වී ඇත.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවන්හි සම්පූර්ණ බලය කථානායකවරයාට බැඳී ඇති බැවින් එහි සාමාජිකයන් සියලූ දෙනා ඊයේ (12* කථානායක කරු ජයසූරිය මහතා හමුවී තිබේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභා සාමාජිකයන් ජනාධිපතිවරයා හමුවීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නැති අතර ඒ සම්බන්ධයෙන් කථානායකවරයා හමුවීමෙන් පසු කමිටු සාමාජිකයන් සාකච්ඡුා කොට තීරණය කිරීමට නියමිතය.

අකිත පෙරේරා

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles