Divaina - සමෘද්ධිය දුන් ක‍්‍රමය වැරදියි - ශ‍්‍රීලනිපයෙන් ආණ්ඩුවට නඩු

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

court4සැබෑ දුප්පතුන් සිටියදී දේශපාලන භේදයකින් තොරව සමෘද්ධිය ලබා දීමට ආණ්ඩුව කටයුතු නොකිරීමට එරෙහිව නඩු පැවරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

ග‍්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරි සහ ආර්ථික සංවර්ධන නිලධාරී  විසින් දේශපාලනයකින් තොරව එවන සමෘද්ධිය ලබා දීමට සුදුසුකම් ඇති අයගේ නම් ලැයිස්තුව කොළඹදී එක්සත් ජාතික පක්‍ෂ පාක්ෂිකයන් තෝරා මන්ත‍්‍රී ලැයිස්තුවට ලබාදීමට ආණ්ඩුව කටයුතු කිරීම නිසා මෙසේ නඩු පැවරීමට පියවර ගත් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

රුපියල් මිලියන 310 ක් පමණ වියදම් කරමින් ලක්ෂ 6 කට සමෘද්ධිය ලබාදීමට ආණ්ඩුව පියවර ගෙන ඇති අතර, ආණ්ඩුවට සහයෝගය ලබාදෙන ආයතන පහක් හරහා රුපියල් ලක්ෂ 44ක් වියදම් කරමින් දිවයින පුරා රැුස්වීම් විසිපහක් පැවැත්වීමට පියවර ගෙන ඇති බව ද මහලේකම්වරයා සඳහන් කළේය. විශාල මුදල් නාස්තියක් කරමින් සිය දේශපාලන අරමුණ ඉටුකර ගැනීම සඳහා ගෙනයන වැඩපිළිවෙළට දඬුවම් හිමි වන බව කී මහලේකම්වරයා එවැනි අයථා ලෙස සමෘද්ධිය ලබා දී ඇත්නම් ඒ පිළිබඳව දිවයිනේ ඕනෑම ප‍්‍රදේශයක සමෘද්ධි සංවර්ධන නිලධාරියකුට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණිලි කිරීමට හැකි බවද කීවේය.

අරුණ බෝගහවත්ත
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles