Divaina - ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වීමේදී ආරක්‍ෂාව සම්බන්ධ වගකීමෙන් ජනාධිපතිට මිදෙන්න බැහැ

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

සුජීව තත්සර
 
 saraponsela1234පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් ජීවිත විශාල සංඛ්‍යාවක් රටට අහිමි වූයේ ආරක්ෂාව නිසි පරිදි නොතිබුණු නිසා බවත් එහි වගකීමෙන් ජනාධිපතිවරයාට මිදීමට නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
 
 එසේම රජයේ සියලූ පාර්ශවද මේ මොහොතේ එම වගකීමෙන් මිදීමට උත්සාහ නොගත යුතු බවද හෙතෙම අවධාරණය කළේය.
 
 එමෙන්ම ඇතැමුන් පවසන පරිදි රට තුළ පවතින ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් සුළු කාලයකින් මර්දනය කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත් එසේ පවසන කෙනකු සිටී නම් ඔහු මෝඩයකු විය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.
 
 මේ වන තුරුත් රටේ ආරක්ෂක තත්ත්වය සාමාන්‍ය අතට පත්ව නොමැති බව කී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවේ සම්මතකර ගනිමින් කථානායකවරයා විසින් පත් කළේ නීත්‍යානුකූල තේරීම් කාරක සභාවක් බවද කීවේය.
 
 එම තේරීම් කාරක සභාව කටයුතු කරන්නේ න්‍යාය පත‍්‍රයකට අනුව බවත් එය එක් එක් පුද්ගලයාට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට නොහැකි බව ද පැවසීය.
 
 එසේම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා බලපෑම් කිරීමට කිසිදු නෛතිකමය හැකියාවක් නොමැති බවද සරත් ෆොන්සේකා මහතා අවධාරණය කළේය.
 
 තේරීම් කාරක සභාවේ කටයුතු අවසන් වූ පසු සත්‍ය කුමක්ද යන්න ජනතාවට වටහාගත හැකි බවද හෙතෙම කියා සිටියේය.
 
 කැලණිය ප‍්‍රදේශයේ ඊයේ (11දා* පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉහත කරුණු අනාවරණය කළේය.

 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles