Divaina - ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ශී‍්‍ර ලංකාවේ සංචාරයක

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
 amaඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ මහතා ලබන 24 වැනිදාත් 30 අතර කාලසීමාව ඇතුළත ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.
 
 ශ‍්‍රී ලංකාවට අමතරව ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා එම කාලය තුළ ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල ද සංචාරය කිරීමටද නියමිත බව  ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.
 
 පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ඇමෙරිකාවේ සහෝදරත්වය පළ කිරීම ද මෙම රාජ්‍ය ලේකම්වරයාගේ මෙම සංචාරයේ අරමුණක් බවද දැනගන්නට ඇත.
 
 ඉන්දියාවේ සංචාරය කිරීමෙන් පසු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණීමට නියමිතව ඇත.
 
 ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ලබන 24 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණෙන අතර එහිදී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡුා කිරීමට නියමිතය.
 
 ඉන් පසු මෙරටට පැමිණෙන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට දේශපාලන නායකයන් මුණ ගැසෙනු ඇත. එසේම ඉන්දු පැසිෆික් කලාපය සඳහා පොදු එකඟතාවයෙන් යුතුව ඇමෙරිකාව සහ ශ‍්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡුා කරනු ඇතැයි ද දැනගන්නට ඇත.
 
 ඇමෙරිකාව පසුගිය වසර කිහිපය පුරාම ආසියා - පැසිෆික් කලාපීය රටවල් සමඟ සහයෝගීතාවයෙන් යුතු කටයුතු කළේය. අවසන් වරට ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයකු දිවයිනට පැමිණියේ 2015 වසරේදී වන අතර ඒ එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාව සිටි ජෝන් කෙරී මහතාය.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles