Divaina - අල්ලස් නඩුවෙන් සිරදඬුවම් නියම වූ වරකාපොළ හිටපු සභාපතිට ජනපති සමාව

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

janaරුපියල් 25,000 ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු අධිචෝදනා තුනකට වරදකරු කර කොළඹ මහාධිකරණය විසින් වසර 6 ක සිරදඬුවම් හා රුපියල් 40,000 ක දඩයක් නියම කර තිබූ වරකාපොළ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් පතිරාජ සමරසිංහ මහතාගේ එකී දඬුවම් නියෝගය ජනාධිපතිවරයා විසින් නිශ්ප‍්‍රභ කර පොදු සමාවක් ලබාදී ඇති බව එම විත්තිකරුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා ඉදිරියේදී ඊයේ (07 දා) දැනුම් දුන්නේය.

1995 වසරේදී වරකාපොළ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එම බල ප‍්‍රදේශයේ පිහිටි මාර්ග තුනක් ඉදිකිරීම සඳහා අවශ්‍ය ටෙන්ඩර් අනුමත කරදීමට රුපියල් 25,000 අල්ලසක් ලබා ගැනීම ඇතුළු අධිචෝදනා පහක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් එම නඩුව පවරා තිබිණි. සාක්ෂි කැඳවා සිදු කළ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අධිචෝදනා තුනකට වරදකරු කරනු ලැබූ වරකාපොළ ප‍්‍රාදේශීය සභා හිටපු සභාපතිවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා එක් අධිචෝදනාවකට වසර 6 බැගින් වසර 18 ක් සිරදඬුවමක් නියම කර එය වසර හයකින් ගෙවී යන ලෙස ලබාදීමට නියෝග කොට තිබිණි.

එයට අමතරව එම විත්තිකරුට රුපියල් 15,000 දඩයක් ද නියම කොට තිබූ විනිසුරුවරයා අල්ලස් ලෙස ලබාගත් රුපියල් 25,000 ක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමට ද නියම කොට තිබිණි.

එකී දඬුවම් නියෝගවලට එරෙහිව විත්තිකාර ප‍්‍රාදේශීය සභාපතිවරයා විසින් ගොනු කළ අභියාචනාවක් විභාග කළ අභියාචනාධිකරණය ද මහාධිකරණයේ තීන්දුව ස්ථිර කරමින් නියෝගයක් ලබාදී තිබියදී එම විත්තිකරුට ජනාධිපති පොදු සමාවක් ලබාදී ඇත. ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34 ඈ වගන්තිය ප‍්‍රකාරව විත්තිකාර හිටපු ප‍්‍රාදේශීය සභාපතිවරයාගේ දඬුවම් නියෝගය ජනාධිපතිවරයා විසින් නිශ්ප‍්‍රභ කර පොදු සමාවක් ලබාදී ඇති බව ජනාධිපති සහකාර ලේකම්වරයකු විසින් දන්වා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles