Divaina - කොත්මලේ ජලාශයේ වේල්ලට ඇතුළුවීමට ගිය තරුණයෝ 4ක් රිමාන්ඞ්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

කොත්මලේ ජලාශයේ වේල්ල මතට අනවසරයෙන් ඇතුළු වීමට ගොස් යුද හමුදා ප‍්‍රශ්න කිරීම් හමුවේ යතුරුපැදිවලින් පලාගිය මුස්ලිම් තරුණයන් සිව් දෙනකු මෙම මස 29 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නාවලපිටිය වැඩබලන මහෙස්ත‍්‍රාත් නයනානන්ද අලූත්ගමගේ මහතා පසුගිය 24 දා නියෝග කළේය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත වූයේ ගම්පොල ඉල්ලවතුර ප‍්‍රදේශයේ පදිංචි බාලවයස්කාර තරුණයන් සිව් දෙනකි.

මේ දිනවල ආරක්‍ෂක තත්ත්වය මත කොත්මලේ ජලාශ වේල්ල මතින් වාහන ධාවනය නවතා ඇති අතර ඒ සඳහා විකල්ප මාර්ග භාවිතයට උපදෙස් ලබාදී තිබේ. ගම්පොල, අටබාගේ යුද හමුදා රයිෆල් බළකා කඳවුර මගින් ජලාශ බැම්ම මත ආරක්‍ෂිත කපොලූ තුනක් ද ස්ථාපිත කොට ඇත.

මෙම තරුණයන් යතුරුපැදි දෙකක නැ`ගී කොත්මලේ ජලාශ වේල්ල මතට යෑමට උත්සාහ ගෙන තිබේ. එහිදී මෙම ජලාශයේ ආරක්‍ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබළුන් මෙම තරුණයන් පරීක්‍ෂාවට සූදානම් වී ඇති අතර ඒ සමගම ඔවුන් යතුරුපැදිවලින් පලා ගොස් තිබේ. ඒ පසුපස යුද හමුදා ආරක්‍ෂකයන් පන්නා ගොස් ඇති අතර එහිදී එක් යතුරුපැදියක් පෙරළී ගොස් තිබේ.

එම යතුරුපැදියේ සිටි එක් තරුණයකුගේ පාදය බරපතළ ලෙස තුවාල වී ඔහු මාර්ගයේ වැටී සිටියදීම අනෙක් තරුණයන් තිදෙනා පලා ගොස් ඇති අතර පසුව හමුදාව විසින් මෙම සිව් දෙනාම අත්අඩංගුවට ගෙන පුස්සැල්ලාව පොලිසිය වෙත භාරදී තිබේ. පොලිසිය මගින් පරීක්‍ෂණ කටයුතු අරඹා ඇති අතර තරුණයන්ගේ දුරකථන වාර්තාද ගැනීමට කටයුතු යොදා තිබේ.

ගම්පොල, ඉල්ලවතුර ප‍්‍රදේශයේ සිට කි. මී. 17 ක් පමණ කොත්මලේ ජලාශයට දුර ඇති අතර මේ තරුණයන් ළ`ග රියැදුරු බලපත‍්‍ර හෝ අදාළ ලියකියවිලි ද තිබී නොමැති බව හෙළිවී ඇත. වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයා මෙහිදී නියෝග කොට ඇත්තේ තුවාල වූ තරුණයා රෝහල්ගත කරන ලෙසය.

පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සරත් බණ්ඩාර පළිපාන මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. සේනාධීර යාලේගම, පො. කො. (55249) රත්නායක, පො. කො. (89922) කසුන් යන නිලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ අරඹා ඇත.

ගම්පොල - සුරංග දිල්හාන්
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles