Divaina - දරුවන් පාසල් එවන්න - හමුදාපතිගෙන් විශේෂ පණිවුඩයක්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p14 1පසුගිය අපේ‍‍්‍රල් 21 වන දින සිදුවු අවාසනාවන්ත අන්තවාදී ත‍‍්‍රස්ත ප‍‍්‍රහාරය හේතුවෙන් සමාජයේ ඇතිවු කම්පනය සහ බිය නිසා ශ‍‍්‍රී ලාංකිකයන්ගේ ජන ජීවිතයේ බොහෝ කටයුතු අඩාල විය. මේ සිදුවීමත් සමග රටේ සංවර්ධනයට සහ ආර්ථිකයට සෘජු දායකත්වයක් ලබාදෙන රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවක සේවිකාවන් සේවයට වාර්ථා කිරීමේ අඩුවීමක් සහ ජන ජීවිතය අඩාල වීමක් සිදුවිය. එමනිසා රටතුළ ආරක්‍ෂාව තහවුරු කර ජන ජීවිතය යථාතත්වයට පත් කිරීමට ත‍‍්‍රිවිධ හමුදාව හා පොලිසිය දැඩි කැපවීමකින් අවශ්‍ය සෑම ස්ථානයකටම ආරක්‍ෂාව ලබාදීමට කටයුතු සිදුකරන ලදි.
 
 මේ වසරේ දෙවන වාරය සඳහා පාසැල් යළි විවෘත කළ මොහොතේ පාසල්වල ආරක්‍ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබුණද බොහෝ දෙමව්පියන් පැතිර ගිය කටකතා සහ තහවුරුකර නොගත් තොරතුරු හේතුවෙන් තම ආදරණීය ¥ දරුවන් පාසලට එවීමට මැලි කමක් දක්වන ලදී.
 
 මා මේ අවස්ථාවේදී සියලූම දෙමව්පියන් වෙත මතක්කර සිටිනුයේ සියලූම පාසල් සඳහා ආරක්‍ෂාව සැපයීම ත‍‍්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ප‍‍්‍රමුඛතම කාර්යයක් ලෙස සලකා ආරක්‍ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලූම පියවර ගෙන ඇති බැවින් අනියත බියකින් තොරව ඔබගේ දරුවන් පාසල් වෙත යැවීමට කටයුතු කරන ලෙසයි.
 
 ‘රට රකින ජාතිය‘ ලෙස ශ‍‍්‍රී ලංකා යුද්ධ හමුදාව අප රටෙහි සියලූ පුරවැසියන්ගේත් දේපළවලත් ආරක්‍ෂාව වෙනුවෙන් සැමවිට අවධියෙන් සිටින බවත් අප රටේ අනාගතය වන ළමා පරපුර ආරක්‍ෂා කිරීම ප‍‍්‍රමුඛත්වයක් ලෙස සලකා පාසැල්වලට ආරක්‍ෂාව සපයා ඇති හෙයින් සියලූ සිසු දරුවන් පාසැල් වෙත යොමුකරන මෙන් දෙමව්පියන්ගෙන් මා මේ අවස්ථාවේ යලිත් ඉල්ලා සිටින අතර අවසාන වශයෙන් අප විසින් දියත් කර ඇති ආරක්‍ෂක කටයුතු සඳහා සියලූම ශ‍‍්‍රී ලාංකිකයන්ගෙන් අවංක සහයෝගයක් ලබාදෙනු ඇතැයි බලාපෙරොත්තු වෙමි.
 
 සංස්කරණයට - සමන් ගමගේ
 
 
 
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles