Divaina - ධීවර වරායවල පිටව යන හා ඇතුළුවන සියලූ යාත‍්‍රා පරීක්‍ෂාවට ලක් කරයි

luhundu19march

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

රටතුළ පවතින තත්ත්වය සලකා ආරක්ෂක අංශවලට සහය ලබාදෙමින් සියලූ ධීවර වරායන්වල ආරක්ෂාව උපරිමයෙන් සහතික කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ධීවර වරාය නීතිගත සංස්ථා සහ වගකිවයුතු සියලූ නිලධාරීන් වෙත දැඩි උපදෙස් ලබාදී තිබේ.
 
 පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමග ආරක්ෂක අංශ සිදුකරන මෙහෙයුම් සඳහා සහය ලබාදීමට මෙන්ම රටතුළ ආරක්ෂාව තහවුරු කිරීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහාත් මෙම පියවර ඉතා වගකීමෙන් ඉටුකිරීමට අවශ්‍ය සියලූ පියවර ගන්නා ලෙසද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා නියෝග කළේය.
 
 මෙම ආරක්ෂක කටයුතු සඳහා ශ‍්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බළකාය මෙන්ම පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සමග මනා සම්බන්ධීකරණයකින් අදාළ ආරක්ෂක කටයුතු සැලසුම් කර කි‍්‍රයාත්මක කරන ලෙසටද උපදෙස් ලබාදී තිබේ.
 
 ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍ය සැකකටයුතු යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් රටින් බැහැරව යෑම වැලැක්වීම සඳහා සියලූ ධීවර වරායන් වෙත පැමිණෙන පිරිස් හා පුද්ගලයන් පිළිබඳව දැඩි අවධානය යොමුකර ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට කටයුතු කිරීම සියලූ ධීවර වරායන්හි ආරක්ෂක අංශ කළයුතු සේම, ධීවර යාත‍්‍රා උපයෝගි කරගනිමින් රටතුළට පැමිණෙන සහ රැගෙන එන භාණ්ඩ පිළිබඳව දැඩි අවධානය යොමුකර කටයුතු කිරීම සඳහා සියලූ ධීවර වරායන් ආශ‍්‍රිතව ආරක්ෂක කමිටු පිහිටුවා අවශ්‍ය තොරතුරු ලබාගැනීමට කටයුතු කළයුතු බවටත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා උපදෙස් ලබාදී ඇත.
 
 එලෙසම යම් ධීවර යාත‍්‍රාවක් බාහිර පුද්ගලයන්ට භාවිත කළ නොහැකි ලෙස ආරක්ෂක වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන ලෙසටද ධීවර වරාය නීතිගත සංස්ථාවට උපදෙස් දී තිබේ.

kandos18

අද දිවයින

සිනමා කලා

agasthi250

නවලිය

iranganiserasinghe250

දියග

rovel250

මීවිත

mahesh250

More Articles