Divaina - මේ අවස්ථාවේදී භේදබින්න වී කටයුතු කරන්න එපා - කාදිනල් හිමියෝ සියලූ ශ‍්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලති

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

kadinalසුජීව තත්සර
 
 රට තුළ ඇතිවූ අවාසනාවන්ත සිද්ධි දාමයෙන් කලබලයට පත් වෙමින් භේදබින්න වී කටයුතු නොකරන ලෙස සියලූ ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසූහ.
 
 සෑම ආගමකටම ගරු කරමින් ආගමික සංහිඳියාව අගයමින් එක්සත් ශී‍්‍ර ලංකාවක් වෙනුවෙන් කටයුතු කරන ලෙසද උන් වහන්සේ සියලූ ශ‍්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියහ.
 
 රටවල් කිහිපයක මෙරට තානාපතිවරු, මහකොමසාරිස්වරු සහ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් ඊයේ (24 දා) කොළඹ අගරදගුරු නිවසේදී පැවති අතර එහිදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.
 
 එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙසේද කීහ.
 
 ඇත්ත වශයෙන්ම ශ‍්‍රී ලංකාවේ සියලූ දෙනා ආගමික සංහිඳියාව අගය කරමින් තමන් ළඟ වෙනත් ආගමක් අදහන පුද්ගලයෙක් සිටී නම් ඒ කෙනාට ගරු කිරීමට පුරුදු විය යුතුයි. ඒ තුළින් තමයි එක්සත් ශ‍්‍රී ලංකාවක් ගොඩනැෙඟන්නේ.
 
 විශේෂයෙන් මුස්ලිම් ප‍්‍රජාවට හිරිහැර හා කරදර සිදු නොවන ආකාරයෙන් කටයුතු කිරීමට සියලූ පාර්ශ්ව වගබලා ගත යුතුව තිබෙනවා.
 
 මෙවැනි අවාසනාවන්ත සිදු වීම් හේතුවෙන් කලබලයට පත්ව භේද බින්න වීම නොව රටට ආදරය කරන්නේ නම් සියලූ දෙනා සමඟ එකතු වී ජීවත් විය යුතු බව ද රංජිත් හිමිපාණන් පැවසීය.
 
 ඒ වගේම නැවත දැනුම්දෙන තුරු කතෝලික දේවස්ථානවල දේව මෙහෙය සහ පෙරහර පැවැත්වීමෙන් වළකින ලෙස ද ඉල්ලා සිටිනවා.
 
 දැනට රට තුළ පවතින ආරක්ෂක වාතාවරණය සැලකිල්ලට ගනිමින් ඉතා සාමකාමීව කටයුතු කරන ලෙසත් අපේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නට කැමතියි.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles