Divaina - හේමසිරිට - පූජිත්ට නීතියෙන් දඬුවම් දෙන්න- විජයදාසගෙන් ජනපතිට ලිපියක්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 3බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබියදීත් නිසිලෙස කි‍්‍රයානොකර රට තුළ ඛේදවාචකයක් ඇති කිරීමට අනුබලදීම නිසා එයට වගකිවයුතු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ දඬුවම් ලබාදෙන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා ලිපියක් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

අපේ‍්‍රල් 21 වැනි දින මෑත කාලයේ මෙරට සිදුවූ ම්ලේච්ඡුතම කුරිරු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය හේතුවෙන් 330 කට අධික පිරිසකගේ ජීවිත අහිමි වූ අතර තවත් 500 දෙනකුට වැඩි ප‍්‍රමාණයක් තුවාල ලබා ප‍්‍රතිකාර ලබමින් සිටීමේ ඛේදවාචකය පිළිබඳව අප මහත් කම්පනයට පත්ව සිටිමු.

මෙම ප‍්‍රහාරය සහ ඊට අදාළ අන්තවාදී ඉස්ලාම් ත‍්‍රස්ත සංවිධාන පිළිබඳව 2016 නොවැම්බර් 18 දින මා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් සියලූ කරුණු රටට හෙළිදරව් කළ අවස්ථාවේදී ආණ්ඩුවේ ඇමතිවරු සහ මන්ත‍්‍රීවරු කොටසක් මා ගෝත‍්‍රිකයකු බවට පවසමින් නින්දා අපහාස සහ අවලාද කිරීම පිළිබඳව ඔබතුමාගේ මතකයේ ඇති බව මම විශ්වාස කරමි.

මෙම කුරිරු ප‍්‍රහාරය පිළිබඳව 2019/04/04 වන දින සිට බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී සිටියදී එම තොරතුරු රාජ්‍ය නායකයා වූ ඔබතුමාටත් අග‍්‍රාමාත්‍යතුමා පවසන පරිදි එතුමාටත් වසන් කරමින් විශාල මනුෂ්‍ය ඝාතනයක් සිදුවන බව දැන දැනම ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වන හේමසිරි ප‍්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනාම දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 හා 297 වගන්ති සමඟ කියවිය යුතු අපරාධ නඩු විධාන සංග‍්‍රහය යටතේ 21 වගන්තිය යටතේ සාපරාධි අපරාධයක් සිදුකර ඇති අතර ඒ පිළිබඳ නීතිය කි‍්‍රයාත්මක කොට ඔවුන්ට නිසි දඬුවම් ලබාදීම සඳහා නීතිමය පියවර ගැනීමේ වගකීම ආරක්‍ෂක අමාත්‍යවරයා වශයෙන් ඔබතුමන් වෙත පැවරී ඇති බව ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි.

ඒ අනුව ඔවුන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන නීතිය නොවලහා කි‍්‍රයාත්මක කරන ලෙසට ඉතා වුවමනාවෙන් ඉල්ලා සිටිමි.

සුජීව තත්සර

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles