Divaina - සැක සහිත යතුරුපැදි 2 ක් පාර්සලයක් පුපුරුවා හරී

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

පාස්කු ඉරිදා සිදුවූ පිපිරීම්වලින් පසු දිවයින පුරා සිදුකරන රථවාහන සහ පාර්සල් පිළිබඳ පරීක්‍ෂාවන්ට අනුව ඊයේ (24 වැනිදා* සැක සහිත යතුරුපැදි දෙකක් සහ පාර්සලයක් ති‍්‍රවිධ හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක‍්‍රීය අංශ විසින් පුපුරුවා හරිනු ලැබීය.

ඒ අනුව ඊයේ (24දා) පෙරවරු 9.30 ට පමණ වැල්ලවත්ත සැවෝයි සිනමාහල අසල සැක සහිත යතුරු පැදියක් ඇති බවට ආරක්‍ෂක අංශ දැනුවත් වීමෙන් පසු එම යතුරු පැදිය පිපිරීමකට ලක්කළේය.

කටාන පොලිස් වසමේ තිඹිරිගස්කටුව ප‍්‍රදේශයේ සැකකටයුතු පාර්සලයක් ඇති බවට ආරක්‍ෂක අංශ දැනුවත් කිරීමෙන් පසු ගුවන් හමුදා බෝම්බ නිශ්ක‍්‍රීය අංශය එය පරීක්‍ෂා කර පුපුරුවා හරිනු ලැබීය.

මේ ආකාරයෙන් සවස 2.00 ට පමණ කොළඹ ගෑස්පහ හන්දියේ ද සැකකටයුතු යතුරු පැදියක් පරීක්‍ෂා කරනු ලැබීය. පසුව සිදුකළ පරීක්‍ෂණ වලින් මේ කිසිවක පුපුරන ද්‍රව්‍ය තිබී නැති බව හෙළිවී තිබේ.

මේ ආකාරයෙන් ඉංගිරිය ඇතුළු ප‍්‍රදේශ කිහිපයක සැකකටයුතු වාහන සහ පාර්සල් පරීක්‍ෂා කර ඇතත් පුපුරන ද්‍රව්‍ය අඩංගු කිසිවක් හමුවී නැත. සැකකටයුතු යතුරුපැදියක් සහ වෑන් රථයක් කොළඹට පැමිණ ඇති බවට ලැබුණු තොරතුරු අනුව ආරක්‍ෂක අංශ සිදුකළ විමර්ශනවලදී සැකකටයුතු යැයි කියූ එම යතුරුපැදිය සහ වෑන් රථය වරකාපොල ප‍්‍රදේශයෙන් සොයාගෙන ඇතත් එහිද සැකකටයුතු කිසිවක් හමුවී නොමැත.

චමින්ද සිල්වා
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles