Divaina - පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ජනපති අගමැති වගකීමෙන් කටයුතු කළාද? - සරත් ෆොන්සේකා අසයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 2පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ප‍්‍රහාරයෙන් පසු ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා වගකීමෙන් යුක්තව කටයුතු කළේ දැයි කියා තමා විමසා සිටිනබව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (24 වැනිදා) පාර්ලිමේන්තුවේ පැවැති හදිසි නීති විවාදයට එක්වෙමින් පැවසීය.

මරාගෙන මැරෙන ප‍්‍රහාරය පිළිබඳව තොරතුරු වාර්තා වූ මොහොතේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිටියේ සිංගප්පූරුවේ බවත් එය දැනගත් වහාම ශ‍්‍රී ලංකාවට නොපැමිණි ජනාධිපතිවරයා සිදු කළේ ශෝක ප‍්‍රකාශයක් වැනි නිවේදනයක් නිකුත් කිරීමක් බවත් හෙතෙම පැවැසීය.

එදින සවස 3.00 ට, 5.00 ට සහ රාත‍්‍රි 9.00 ට ශ‍්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා තිබුණත් ජනාධිපතිවරයා පැමිණියේ රාත‍්‍රි 12.00 ගුවන් යානයේ බවත් හෙතෙම සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තමා මාස 06 ක කාලයක් තිස්සේ ආරක්ෂක මණ්ඩල රැුස්වීමට කැඳවා නැති බව පැවසූ බව කියා සිටි සරත් ෆොන්සේකා මහතා ආණ්ඩුවේ නායකයා ලෙස රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව තීන්දු ගනු ලබන ආරක්ෂක මණ්ඩලයට මෙතරම් කාලයක් සහභාගි වීමට නොලැබීම සම්බන්ධව අග‍්‍රාමාත්‍යවරයා මෙතෙක් කාලයක් පාර්ලිමේන්තුවට හෝ දැනුම් නොදී මෙම ප‍්‍රහාරයෙන් පසු ඒ ගැන පැවසුවේ සිය වගකීමෙන් නිදහස් වීමට දැයි කියා තමා සිතන බවද ඒ මහතා ප‍්‍රකාශ කළේය.

තම ආරක්‍ෂාව සඳහා තවමත් සිටින්නේ මහින්ද රාජපක්‍ෂ මහතා ලබා දුන් ආරක්‍ෂක නිලධාරීන් කිහිප දෙනා පමණක් යැයි කී ෆොන්සේකා මහතා තම ආරක්‍ෂාව සඳහා යොදා ගැනෙන්නේද මහින්ද රාජපක්‍ෂ මහතා ලබා දුන් ජීප් රථයක් බවද කීවේය. එම ජීප් රථයද වරින්වර මඟ හිටින බව පැවැසුවේය.

නාමල් කුමාරගේ ලබා දුන් ඔත්තුව සහ මාකඳුරේ මධුෂ්ට දැක්වූ උනන්දුවවත් පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ කල්තියා කළ දැනුම් දීමට නොදැක්වූ බවද ඒ මහතා සඳහන් කළේය.

අගමැති, ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රටේ ආරක්‍ෂක කවුන්සිලයට නොයන්නේ කිනම් රටේ දැයි ෆොන්සේකා මහතා ප‍්‍රශ්න කළේය.

සුදුස්සාට සුදුසු තැන ලබා නොදෙන තත්ත්වයකදී ආරක්‍ෂක ලේකම් ධූරය වැනි තනතුරුවලට පත් කළ යුත්තේ ආරක්‍ෂක විiාලයකට ගොස් දැනුම ලබාගත් අයකු බව කී සරත් ෆොන්සේකා මහතා තමන් ෆීල්ඞ් මාර්ෂල් තනතුර දක්වා උසස්වීම් ලැබුවේ ගාලූමුවදොර කඩල විකිණූ නිසා නොවේ යැයිද කීය.

ආරක්‍ෂාව පිළිබඳ තමන්ට වඩා දැනුම ඇති අයෙක් පාර්ලිමේන්තුවේ තවත් නැතැයි කී සරත් ෆොන්සේකා මහතා තමාගෙන් ආණ්ඩුව ප‍්‍රයෝජනයක් ගෙන නැතැයිද යුද්ධය අවසන් වූ පසුව බුද්ධි අංශය පුළුල් කරන ලෙස තමන් කළ ඉල්ලීම අනුව කටයුතු නොකළ බවද කීය.

ආරක්‍ෂක කවුන්සිලයට අගමැතිවරයාට කැඳවීමක් නොකළා නම් ඒ පිළිබඳ එම අවස්ථාවේදී රටටත්, පාර්ලිමේන්තුවටත් හෙළි කළ යුතුව තිබූ බව කී සරත් ෆොන්සේකා මහතා ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිවරයාටද ආරක්‍ෂක කවුන්සිලයේ රැුස්වීමට ආරාධනා නොකළා නම් අඩුම තරමේ ඔහුට එම ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නට තිබූ බව කීවේය.

ආරක්‍ෂක කවුන්සිල රැුස්වීමට පසුගිය කාලයේ සහභාගි කරවා ගත්තේ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනකු බව කී ෆොන්සේකා මහතා කිසිදු රටක ආරක්‍ෂක කවුන්සිලයට විපක්‍ෂය සහභාගි කරවා ගන්නේ නැතැයිද කීවේය.

අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles