Divaina - ත‍්‍රස්තවාදය මැඬපැවැත්වීමට තෙරේසා මේ සහ ඉම්රාන් ඛාන් - අගමැතිට සහාය පළ කරති

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p1 6තමන් වරෙක මුහුණදුන් අවාසනාවන්ත අත්දැකීමට සමාන අවස්ථාවකට ශ‍්‍රී ලංකාවට මුහුණදීමට සිදුව ඇති බවත් ත‍්‍රස්තවාදී ක‍්‍රියා මැඬපැවැත්වීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට සිය සහයෝගය ලබාදීමට සූදානම් බවත් බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය පෙරේදා (23 දා* අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දුරකථනය ඔස්සේ අමතමින් ප‍්‍රකාශ කළාය.
 
 විපතට පත් ශ‍්‍රී ලාංකිකයන් වෙත ශෝකය පළ කිරීම සම්බන්ධයෙන් තෙරේසා මේ මහත්මියට අග‍්‍රාමාත්‍යවරයා සිය ස්තුතිය පළ කර සිටියේය. මෙම ත‍්‍රස්ත ක‍්‍රියා සම්බන්ධයෙන් වූ විමර්ශනවලට සහාය පළ කිරීම සඳහා බි‍්‍රතාන්‍ය නියෝජිත කණ්ඩායමක් නොබෝ දිනකින් ශ‍්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව ද ඇය සඳහන් කළාය.
 
 පාකිස්තාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඊයේ (24 දා* උදෑසන රනිල් වික‍්‍රමසිංහ මහතාට දුරකථනයෙන් අමතා පසුගිය දින එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කළේය. ත‍්‍රස්තවාදය හේතුවෙන් පාකිස්තානු වැසියන් 70,000 ක් පමණ ජීවිතක්‍ෂයට පත්ව ඇති බව සඳහන් කළ ඉම්රාන් ඛාන් අග‍්‍රාමාත්‍යවරයා ත‍්‍රස්ත ක‍්‍රියා මැඬලීම වෙනුවෙන් සිය සහාය ශ‍්‍රී ලංකාවට ලබාදීමට සූදානම් බව ද ප‍්‍රකාශ කර සිටියේය.
 
 අත්‍යවශ්‍ය මොහොතක මෙසේ උපකාර කිරීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පළ කළ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දෙරටේ දිගු කාලීන මිත‍්‍රත්වය ආරක්‍ෂා කරලීම උදෙසා දිගින් දිගටම කටයුතු කිරීම පිළිබඳව පාකිස්තානු අගමැතිවරයාට සිය ප‍්‍රශංසාව පළ කළේය.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles