Divaina - බෝම්බ ප‍්‍රහාරවලින් තුවාල ලැබූ 248 ක් තවමත් රෝහල්වල

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

hospitalදිවයිනේ ස්ථාන අටක පාස්කු ඉරිදා දිනයේ සිදුවූ බෝම්බ පිපිරීම්වලින් තුවාල ලැබුවෝ 248 දෙනෙක් (23 දා* දහවල් වනවිට රජයේ රෝහල් 05 ක නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටියහ.

මෙම තුවාලකරුවන්ගෙන් 37 දෙනෙක් අසාධ්‍ය තත්ත්වයෙන් එම රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ප‍්‍රතිකාර ලබමින් සිටිති.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ඉරිදා සිදුවූ බෝම්බ ප‍්‍රහාරවලින් තුවාල ලැබුවෝ 111 දෙනෙක් කොළඹ ජාතික රෝහලේද, 57 දෙනෙක් මඩකලපුව මහ රෝහලේද, 30 දෙනෙක් මීගමුව දිස්ත‍්‍රික් රෝහලේද, 11 දෙනෙක් උතුරු කොළඹ (රාගම* ශික්‍ෂණ රෝහලේද, දෙදෙනෙක් දකුණු කොළඹ (කළුබෝවිල* ශික්‍ෂණ රෝහලේද ප‍්‍රතිකාර ලබමින් සිටිති.

පශ්චාත් මරණ පරීක්‍ෂණ සිදුකළ බෝම්බ පිපිරීම්වලින් මියගිය අයගේ මළ සිරුරු ඥාතීන් වෙත භාරදීම මේ වනවිට සියයට 85 ක් අවසන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල් විශේෂඥ වෛi අනිල් ජාසිංහ මහතා පවසයි.

මේ යටතේ මඩකලපුව මහ රෝහලට ගෙන ආ මළ සිරුරු 26 ම ඥාතීන් වෙත භාර දී අවසන් කර ඇති අතර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ පවතින මළසිරුරු 147 න් 78 ක්ද, මීගමුව දිස්ත‍්‍රික් රෝහලට ගෙන ආ මළ සිරුරු 102 න් 101 ක්ද, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලට (රාගම* ගෙන ආ මළ සිරුරු 07 න් 05 ක්ද, දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලට (කළුබෝවිල* ගෙන ආ මළසිරුරු 03 න් 02 ක්ද ඥාතීන් වෙත භාර දී ඇති බව වෛi ජාසිංහ මහතා කීවේය.

කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තවත් මළ සිරුරු 69 ක් තැන්පත් කර ඇති අතර ඒ අතර විදේශීය ජාතිකයන්ගේ සිරුරු 2 ඇති බව වාර්තා වෙයි. මළසිරුරු තැන්පත් කිරීමට ඇති ශීතාගාර ප‍්‍රමාණය මඳ වීමෙන් මීගමුව දිස්ත‍්‍රික් රෝහලේ ජංගම ශීතාගාරය ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගෙනැවිත් එහි මළ සිරුරු තැන්පත් කිරීමට පියවර ගෙන තිබේ.

ඥාතීන් විසින් භාර නොගත් එක් මළ සිරුරක් මීගමුව දිස්ත‍්‍රික් රෝහලේද, මළ සිරුරු 02 ක් උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේද, තවත් මළ සිරුරක් දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේද පවතින බව වාර්තා වෙයි.

ඒමන්ති මාරඹේ

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles