Divaina - විදේශිකයන්ගේ මෘතදේහ භාර දීමේදී දැඩි ප‍්‍රමාදයක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

bodyපාස්කු ඉරිදා දින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරවලින් මියගිය විදේශිකයින්ගේ මෘත දේහ ඔවුන්ගේ භාරකරුවන් වෙත භාරදීමේ දැඩි ප‍්‍රමාදයක් ඇතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට වාර්තා වී ඇති අතර එම ප‍්‍රමාදයන් වැළැක්වීමට කඩිනම් පියවර ගන්නැයි අගමැතිවරයා අගමැති ලේකම් සමන් ඒකනායක මහතා වෙත දැනුම් දී ඇත.

මියගිය විදේශිකයින්ගේ මෘතදේහ භාරදීමට අදාළ ලියකියවිලි රැුසක් ලබා ගැනීමට අවශ්‍ය වන බැවින් මෙම ප‍්‍රමාදය ඇතිව තිබෙන බවට වාර්තා වී ඇත.

ඒ අනුව සෞඛ්‍ය අමත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකින් ලබා ගත යුතු ලිපි ලේඛන එක් ස්ථානයකින් ලබාදීමට පියවර ගන්නා ලෙසත්, එමගින් මෙම ප‍්‍රමාදය වළක්වා ගැනීමට ක‍්‍රියා කරන ලෙසත් අගමැති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ බලධාරීන් වෙත කඩිනම් උපදෙස් ලබා දී ඇත.

අකිත පෙරේරා

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles