Divaina - ත‍්‍රස්තවාදීන්ට මේ ප‍්‍රහාරවලින් කිසි රටක බලය ගන්න බෑ කටුවපිටිය ප‍්‍රහාරයෙන් මියගිය අයගේ අවසන් කටයුතුවලට එක්වෙමින් - කාදිනල්තුමා කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

n6 3ලේ පිපාසිත කුරිරු ත‍්‍රස්තයන් අහිංසක මිනිසුන් ඝාතනය කර මොනවාද මේ බලාපොරොත්තු වන්නේ. ඔවුන්ට මෙවන් කි‍්‍රයාවන් තුළින් කිසිම කලක රටක් අල්ලන්නවත් රටක් පාලනය කරන්නවත් ලැබෙන්නේ නැහැ. යැයි මැල්කම් රංජිත් කාදිනල්තුමා කටාන කටුවපිටියේදී පැවසීය.

බිය නොවන්න දාමරික හිත්පිත් නැති මිනිසුන්ගේ ගොදුරක් බවට පත්වුණේ තමන්ගේ විශ්වාසයෙන් දෙව් සමිඳුට සාක්ෂි දරන්න ගිය පිරිසකි. ඒ නිසාම මරණයට පත්වූ සියල්ලෝම අපගේ දයාබර සහෝදර සහෝදරියන්මයි. ඒ සියල්ලෝම විශ්වාසය තුළ ජීවත් වී තම ජීවිතය පුද කරන්න සිදුවූ අය. මේ අහිංසක මිනිසුන් කිසිම කලක විශ්වාස නොකළ දෙයක් සිදුවී පවුල්පිටින් විනාශ වී ගියා. එය ඒ අය කිසිදා නොසිතපු එකක්.

අද දින මිහිදන් වන ඔබලාගේ සියලූම සහෝදර ඥාතීන් ස්වර්ග රාජ්‍යයේ ඉන්නවා යැයි සිතා වැඩ කරන්න. එලෙස සිතා ඔබලා කටුවපිටිය ග‍්‍රාමය ඉතා ආදර්ශවත් මිනිසුන් වෙසෙන ගමක් ලෙස පෙන්වා දීමට ක්‍රෝධයකින් තොරව ජීවත් වන්න. ඉතා විශ්වාසයෙන් දේවස්ථානය තුළට තව තවත් පැමිණෙන්න. අපි බය නැහැ. විශ්වාසය ඇත්නම් දෙවියන් වහන්සේ අපිව ආරක්‍ෂා කරාවි. ශාරීරිකව අපි මරණයට පත්වුවත් නැවත සදා කාලයට එක්වනවා. එනිසා මේ විපත කළ කිසිවෙක් අප කවුරුන්ද කියා නොදනී. නමුත් ඒ සියල්ලටම ද්වේශ නොකර සිටිමු. නොදන්නා අහිංසක මිනිසුන්ට හිරිහැර නොකර සිටිමු.

අන්න එතන තමයි සැබෑ කිතුනු දහම කියන්නේ. මෙය කාලයට බාර කරමු. ඒ සියල්ලන්ටම අපි වෛර නොකර මෙත් සිත් වඩවමු.

අහවලා මේ දේ කළා අර දේ කළා කිව හැකියි. එය අපි කිතුනුවන් ලෙස දෙවියන්ට බාර කරමු. කාදිනල්තුමා මෙම අවසන් යාගය කළේ කටාන කටුවපිටිය දේවස්ථානයේ 21 වැනිදා ප‍්‍රහාරයෙන් මියගිය 104 දෙනාගෙන් පස්දෙනකු වන නිරංජන්, සම්පත්, මේරියන්, ලියෝ, නෙත්මි යන අයගේ දේහයන්ට අවසන් බුහුමන් දක්වමින්ය.

කටුවපිටිය දේවස්ථානයට එල්ල වූ ප‍්‍රහාරයෙන් මියගිය 104 දෙනාම වෙනුවෙන් කාදිනල්තුමා මෙම ප‍්‍රකාශය කළේය.

මෙම අවස්ථාවට වැඩමවූ භික්‍ෂූන්වහන්සේලා අතරින් ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ ඉතා කනගාටුවෙන් මෙලෙස පැවසූහ.

අද ශී‍්‍ර ලාංකිකයන් හැටියට අතිෂයින්ම කනගාටුවනවා වත්මන් ආරක්‍ෂක ලේකම්වරයාගේ නින්දිත තුච්ඡු ප‍්‍රකාශය ගැන. ඔවුන් මෙම ප‍්‍රහාරය ගැන දැනගෙන සිටියලූ. ඒත් ඔවුන් සිතුවේ නැතිලූ මෙය මෙතරම් බරපතළ එකක් වේවි කියා. එහෙනම් බෝම්බයේ බර බෝම්බයේ ප‍්‍රමාණය ප‍්‍රහාරයේ ප‍්‍රමාණය ඔවුන්ට ලැබෙන්න අවශ්‍ය ඕනෑ ඇති. අනිවාර්යෙන්ම මෙම ප‍්‍රහාරයේ වගකීම අරගෙන ආරක්‍ෂක ලේකම්වරයා අස්විය යුතුමයි.

ඔහු පවසනවා හෝටල්වල ආරක්‍ෂාව හෝටල්වල අයම බලාගන්න ඕනේ කියා. නැහැ එහි වගකීමත් ඔහුට බාර විය යුතුමයි. එයට වගකීම ගතයුත්තේ ආණ්ඩුවමයි. හෝටල්වල ඇතිවූ ප‍්‍රහාරයෙන් සමස්ත ආර්ථිකයටම මරු පහරක් එල්ල වූවා.

තව තැනකදි ලේකම්වරයා අහනවා ප‍්‍රහාරය දැනගත්තත් සියලූම දේවස්ථානවලට දන්වන්න විදිහක් නැති බව. මෙපමණ මිනිස් සංහාරයක් සිදුවී ඇති මොහොතේ ඒ මිනිසුන්ගේ නෙතේ කඳුලැල් වියැකෙන්නත් කලින් ආරක්‍ෂක ලේකම්වරයා කියන කතා සමස්ත ශී‍්‍ර ලාංකිකයෝම දැඩි පිළිකුලෙන් විරෝධය පෑ යුතුමයි. රජය ඔහු ගැන වහාම පියවර ගත යුතුමයි. අද මේ රටේ බෞද්ධ විහාරවලින් මා ඉල්ලීමක් සිදුකරනවා ජාති ආගම් කුල භේද කිසිවක් නොතකා ත‍්‍රස්ත ප‍්‍රහාරයට ලක්වූවන් වෙනුවෙන් සියලූම විහාරස්ථානවලට පැමිණ පිංකම් සිදුකර පුණ්‍යානුමෝදනා කරන්න කියලා. ප‍්‍රහාරයට ලක්වී රෝගීව රෝහල්වල සිටින සියලූම දෙනාගේද, වැලපීමට ලක් සියල්ලෝගේමද සිත් සුවපත් වේවායි ප‍්‍රාර්ථනා කරන්න.

කටුනායක - ආනන්ද නිශ්ශංක සහ මීගමුව - විමල් කීර්ති

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

bandula250

මීවිත

udari250

More Articles