Divaina - අංගොඩ ලොක්කාගේ කල්ලියේ ‘කඩුවෙල බබී’ සහ ‘බෲස්ලි’ දැලේ

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

hiraපොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් කඩුවෙල ප‍්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී හෙරොයින්, කේරළ ගංජා, විෂ මත්ද්‍රව්‍ය මැනීමට භාවිත කරන තරාදි දෙකක් මැණික් ගල් 04 ක් සමග ‘අංගොඩ ලොක්කා’ නමැති සංවිධානාත්මක පාතාල නායකයාගේ ප‍්‍රධාන ගෝලයන් වන චමින්ද චතුරංග නොහොත් ‘කඩුවෙල බබී’ සහ සම්පත් රත්නසිරි නොහොත් ‘බෲස්ලි’ යන දෙදෙනා පෙරේදා (19 දා) රාති‍්‍ර අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් මත කඩුවෙල හේවාගම ඥානවිමල මාවතේදී හෙරොයින් ග‍්‍රෑම් 650 ක්, කේරළ ගංජා කිලෝ 01 ක්, විෂ මත්ද්‍රව්‍ය බර මැනීමට භාවිත කරන තරාදි 02 ක් සමඟ චමින්ද සමරතුංග නොහොත් ‘කඩුවෙල බබී’ නමැත්තා අත්අඩංගුවට ගෙන ඇත. මොහු ඝාතනයට ලක්වූ ‘පි‍්‍රන්ස් කොලම්ස්’ නමැත්තාගේ ගෝලයෙක් ද විය.

ඔහුගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීමේදී කඩුවෙල වැලිවිට ප‍්‍රදේශයේදී සම්පත් රත්නසිරි නොහොත් (බෲස්ලි) නමැති අනෙක් සැකකරු පුරාවිද්‍යා වටිනාකමක් ඇති බුදු පිළිමයක් සහ මැණික් ගල් 04 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

මෙම බුද්ධ ප‍්‍රතිමාව සහ මැණික් ගල් නිධානයකින් ලබාගෙන ඇතැයි පොලිසිය සැක කරයි. සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ (20 දා) කටයුතු කරන බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්්්්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා පැවසීය.

p1 9

චමින්ද සිල්වා
 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles