Divaina - නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ඇමැති මණ්ඩලය 30යි නීතිය හා සාමය ජනපති මෛතී‍්‍රට,
මුදල් හා ආර්ථික අගමැති මහින්දට ?


අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් යුතු නව රජයේ කැබිනට් මණ්ඩලය අද (29 දා) ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

එහිදී මුලින්ම කැබිනට්‌ ඇමැතිවරුන් 20 දෙනකු දිවුරුම් දෙන අතර 19 වන ව්‍යවස්‌ථා සංශෝධනයට අනුව ඇමැති මණ්‌ඩලය තිහකට සීමා වන බැවින් ඉතිරි ඇමැතිවරුන් දස දෙනා ඉදිරි දිනක දිවුරුම් දෙනු ඇතැයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. බී. දිසානායක මහතා පැවසීය.

නව රජයේ ඇමැති මණ්‌ඩලය කිසිසේත්ම තිහේ සීමාව ඉක්‌මවා නොයන අතර ව්‍යවස්‌ථානුකූලව නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැති සංඛ්‍යාව හතළිහකට සීමාවනු ඇතැයිද එස්‌. බී. දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පත් කළද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයෙන් ඉවත් නොවීමට තීරණය කර ඇතැයි එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

ජනාධිපතිවරයා අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළ ආකාරය ව්‍යවස්‌ථානුකූල සහ නීත්‍යානුකූල නොවන බැවින් ඉදිරියටත් අරලියගහ මන්දිරයේ අගමැති කාර්යාලයේ රැඳී සිටිමින් කටයුතු කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැති ලෙස නිල වශයෙන් පත්කර තිබියදී මහජන දේපළක්‌ වන අරලියගහ මන්දිරයේ රනිල් වික්‍රමසිංහ මහතා ඒ ආකාරයෙන් රැඳී සිටීම පොදු දේපළ අවභාවිතාවක්‌ වන බව නීති විශාරදයන්ගේ මතය වී ඇත.

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරය දරන නව රජය කවුරුන් කුමක්‌ කීවත් ඉතාම ශක්‌තිමත් එකක්‌ වන බව ඊයේ (28 දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හිටපු ඇමැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

නව රජය හොරකමින් දූෂණයෙන් තොර කොමිස්‌ ගැහිලිවලින් තොර සැබෑ ජනතාවාදී එකක්‌ වනු ඇතැයි පැවසූ ඩිලාන් පෙරේරා මහතා එම නව බලවේගය සමග අත්වැල් බැඳගන්නා ලෙස සියලු පාර්ශ්වවලට ආරාධනා කරන බවද සඳහන් කළේය.

නීතිය හා සාමය ජනපති මෛත්‍රීට, මුදල් සහ ආර්ථික අගමැති මහින්දට

නව ඇමැතිවරුන් පත් කිරීමේදී නීතිය හා සාමය අමාත්‍ය ධුරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතටත්, මුදල් හා ආර්ථික අමාත්‍ය ධුරය අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා යටතේත් තබා ගැනීමට නියමිත බවද වාර්තා වේ.

සමන් ගමගේ

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles