Divaina - පොලිතීන් පිළිස්‌සීම ගම්පොළ ජයටම - ජනතාවට ඉන්න නෑ

Divaina 365 x 90 Banner

luhundu19march

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

ගම්පොල - සුරංග දිල්හාන්

politeen

පොලිතීන් අපද්‍රව්‍ය පිළිස්‌සීම තහනම් කර තිබුණ ද මහජනයා නිතර ගැවසෙන ගම්පොල නගරයේ සෑම වීදියකම පොලිතීන් ඇතුළු කසළ පිළිස්‌සීම නිසා මහජනයා දැඩි අපහසුතාවට පත්ව සිටින බව ඔවුහු පවසති.

පාසල් ළමුන් හා මහජනයා ගැවසෙන උදැසන කාලයේ මෙන්ම සවස්‌ වරුවේ ද මෙසේ නගරයේ කසළ පිළිස්‌සීම නිසා දැඩි දුමාරයකින් හා දුර්ගන්ධයෙන් නිතරම නගරය පිරී තිබේ.

බොහෝ වෙළෙඳසල්වල එකතු වන පොලිතීන් හා කසළ එම වෙළෙඳසල් අසල බැරල් තුළට දමා හෝ කාණුවට දමා පුළුස්‌සන අතර, නගර සභා සේවකයන් තමන් අතුගා එකතු කරන කසළ එම වීදි තුළම පිළිස්‌සීමට පෙළඹී තිබේ.

වසර 04 ක්‌ පුරා ගම්පොල නගරයේ කසළ ඉවත් කිරීමේ ගැටලුවක්‌ පවතින නිසා මෙම කසළ දැමීමට ස්‌ථානයක්‌ නොමැතිකමින් එසේ පිළිස්‌සීමට සිදු වන බව නගර සභා සේවකයෝ හා වෙළෙඳසල් හිමියෝ පවසති.

දිනපතා මහජනයා විශාල ලෙස ගැවසෙන ගම්පොල උසාවිය හා පොලිසිය අසල කසළ ගොඩවල් දෙකක්‌ පිළිස්‌සීම නිසා එම ප්‍රදේශයද දුර්ගන්ධයෙන් පිරී පවතියි.

ගම්පොල නගරයේ සිටින හා එහි පැමිණෙන ජනතාව නිකරුණේ රෝගීවීමේ අවදානමක්‌ පවතින නිසා මේ සඳහා වහාම විසඳුමක්‌ ලබා දෙන ලෙස ජනතාව ඉල්ලා සිටිති.


 

 

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles