Divaina - රීට් පෙත්සම විභාගයට නොගෙනම සේරුවිල ප‍්‍රා. ස. සභාපති ඉවතට

365x95 divaina top banner

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

court1සේරුවිල ප‍්‍රාදේශීය සභාවේ අයවැය පරාජය වීම නිසා සභාපති ධුරයෙන් රණසිංහ බණ්ඩාර මහතා (එ.ජා.ප) ඉවත් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ගත් තීරණය එරෙහිව සභාපතිවරයා විසින් පවරා තිබූ රීට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප‍්‍රභා කිරීමට අභියාචනාධිකරණය තීරණය කොට ඇත. වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කොට විභාගයක් පැවැත්වීමට පදනමක් නැතැයි ගාස්තු රහිතව පෙත්සම නිෂ්ප‍්‍රභා කරමින් අර්ජූන ඔබේසේකර හා මායාදුන්නේ කොරයා යන විනිසුරු මඬුල්ල එම තීන්දුව ප‍්‍රකාශ කර තිබේ.

සේරුවිල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන තමා එම තනතුරින් ඉවත් කිරීමේ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා සභාපතිවරයා මෙම රීට් පෙත්සම ගොනු කොට තිබුණි. 2021 වසර සඳහා සභාවට ඉදිරිපත් කළ අයවැය වාර්තාව පරාජයවීම නිසා ප‍්‍රාදේශීය සභා පනතේ 185 වගන්තිය යටතේ පෙත්සම්කරු සභාපති ධුරයෙන් ඉවත් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා හේරත් මහත්මිය තීරණය කොට තිබුණි.

කන්තලේ - ඩබ්. එම්. වික‍්‍රමසිංහ
 

kandos18

 

300 x 250 Pix Sinhala

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles