2018 නව වසරේ ගත වූ දින 14 ඇතුළත දිවයිනෙන් ම ඩෙංගු රෝගීන් 1350 ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය 'දිවයින'ට ඊයේ (14 වැනිදා) පැවසුවාය.
මීට අමතරව ඩෙංගු රෝගයට ගොදුරු වූ කොළඹ කාන්තා විදුහලේ 12 හැවිරිදි සිසුවියක මරුමුවට පත් වී ඇතැයි ද ඇය පවසයි.
බස්නාහිර, උතුර, නැගෙනහිර පළාත්වලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව ද පැවසූ ඇය පසුගිය වසරේ (2017) ඩෙංගු රෝගීන් 1,85,000 ක් වාර්තා වූ බවත්, එම වසර තුළදී ඩෙංගු රෝගයට ගොදුරු වූ පුද්ගලයන් 400 කට අධික පිරිසක් මියගිය බවත් කියා සිටියාය.
ඒමන්ති මාරඹේ, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා